රුමේෂ් තරංග දිණුම්!

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 19, කොළඹ LNW:

රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩා තරග ඉතිහාසයේ හෙල්ල වීසි කිරීමේ පිරිමි ඉසව්ව වෙනුවෙන් අවසාන තරගයට තේරෙනවා.මේක ශ්‍රී ලංකා මලල ක්‍රීඩාව ලබපු ජයක් හැටියට තීරණය කරන්න ඕනි.


එහෙත් ඊට පරිපාලකයා ඔහු දිහා කෙතරම් දුරට දුර දක්නා නුවණින් දුටුවද වැඩ කරාද කියන කාරණය මේ වන විටත් ප්‍රශ්නාර්ථයක්.අවුරුදු 22 දී ලෝක මලල ක්‍රීඩා සූරතාවලියක අවසන් අට නියෝජනය කරන්න ඉස්සෙල්ලා ඔහුට ඔලිම්පික් යන්න නොහැකි වුණේ,එහෙම දුර දක්නා නුවණක් දැක්මක් මලල ක්‍රීඩා පරිපාලනයට නොතිබුණ නිසයි.වැඩේ පරක්කු වුණාම ගිය නුවණ ඇතුන් ලවා අන්දන්නත් බැහැ කියන කාරණය සනාත කරමින් රුමේෂ්ට ඔලිම්පික් සඳහා සුදුසුකම් ලබන්න තියෙන ඉඩ අඩු වෙනවා.


ඒත් ලෝකෙන් හොඳම මත හැටියට ප්‍රතිපලය මඟින් හැඳින්වුවත් රුමේෂ්ගේ හොඳම දස්කම දක්වා නැහැ.එහෙම වෙන්නෙ රුමේෂ්ගෙ බැරිකම හින්දද?එතකොට රුමේෂ්ටත් පස්සෙන් ඉන්න ලෝක සූරතා සහ ඔලිම්පික් රන් සහ රිදී පදක්කම් දිනූ නිරාජ් චොප්රාට බැරි වෙලාද?2024 දි ඔලිම්පික් පදක්කම දිනුව අර්ශාඩ් නදීම් ඉන්නෙ රුමේෂ්ටයි චොප්රාටයි දෙන්නටම පස්සෙ.
‘මුන්ට රට ගියහම මොකද්ද වෙන්නෙ දා ගන්න බැහැනෙ‘ කියන අපේ ක්‍රීඩකයො සම්බන්ධයෙන් තියෙන දුප්පත් රසිකත්වයට ඊයෙ ගත්ත හත්වන තැනට වඩා සැළකිල්ල දක්වනවා ඇත්තෙ රුමේෂ් වීසි කරන ලද දුර ගැනයි.ඒකට මේ ප්‍රතිපල ලේඛණය වගේම ඊයේ අපි තැබූ සටහනත් ඔබට වැදගත් වෙයි.


එම සටහනට පිවිසෙන්න – https://sinhala.lankanewsweb.net/09/18/202051/
ඒ අනුව පළමු වරට මුල් දොළොස් දෙනා අතරටත් ඒ දොළොස් දෙනා අතරින් හත්වැන්නා වීමත් අපට අනුව රුමේෂ් තරංගගේ ප්‍රගතියේ ගති ලක්ෂණය.ඔහු පියවරෙන් පියවර දිනා ඇති බව අපි විහ්වාස කරමු.ුපි ඔහුට සුබ පතමු.බලධාරීන් මේ දස්කම පිළිගන්න රුමේෂ්ව කැමරා ඉදිරියට කැඳවා කැටයම් දැමීමෙන් වැළකී,ඔහුට කැටයම් දැමීමට එැකි පරිසරය සකසන්න.එවිට ඒ කැටයම්වලින් පරිපාලන වගකීම් දරණ ජීවිතවලද ඇද කුද කැපී ඔප වේවි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අභියාචනාධිකරණ තීන්දුවෙන් පසු ගම්මන්පිල නැවත කරළියට – මාලිමා මන්ත්‍රීවරුන්ගේ වත්කම් මිලදී ගැනීමට සැරසෙයි!

කොළඹ LNW:මාලිමාවේ මැති ඇමතිවරුන්ගේ වත්කම්වල දක්වා ඇති මිල ගණන්වලට...

කමාන්ඩෝ සලින්තට ගිනි අවි සහ උණ්ඩ සැපයූ කමාන්ඩෝ සෙබළෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:සංවිධානාත්මක අපරාධකරුවෙක් ලෙස සැලකෙන ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට...

තෝරාගත් ඩිපෝ 25ක් සංවර්ධනය කිරීම ඇරඹේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 19, කොළඹ LNW : අද (19) සිට ප්‍රවාහන,...