ජාතික සයිබර් ආරක්ෂණ මූලෝපාය (2025-2029) හඳුන්වාදීම සහ NCSOC ජනපති අතින් විවෘත වෙයි!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW :

අද (19) පෙරවරුවේ, ජාතික සයිබර් ආරක්ෂණ මූලෝපාය (2025-2029) හඳුන්වාදීම සහ ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය (NCSOC) විවෘත කිරීමේ අවස්ථාවට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්විය.

ජනාධිපතිවරයා එහිදී, ඩිජිටල් ආර්ථිකයේ ප්‍රතිලාභ සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත සහ විශ්වාසදායි පරිසරයක් ගොඩනැගීම වෙනුවෙන් මෙම ජාතික සයිබර් ආරක්ෂණ මූලෝපාය (2025-2029) සහ ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය (NCSOC) දායක වනු ඇති අතර, ඒ වෙනුවෙන් කැප වී කටයුතු කරන ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (Sri Lanka CERT) සියලුදෙනා වෙත ස්තූතිය පළ කළේය.

රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමට නම් සියලු ක්ෂේත්‍රයන්හි කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය තහවුරු කළ යුතු බවත්, තාක්ෂණය සහ විද්‍යාව විසින් අත්පත් කරගන්නා ජයග්‍රහණ වේගයෙන් උකහා ගැනීමට සමත් රාජ්‍යයන් ඉතා ඉක්මණින් දියුණුවේ හිණි පෙත්තටම ගමන් කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන් අතර, මෙම ජාතික සයිබර් ආරක්ෂණ පද්ධතිය අපේ රටේ ජාතික ආරක්ෂාවටත්, ජාතික ආර්ථිකයටත්, පුරවැසියන්ගේ ජීවන රටාව පිළිබඳ ආරක්ෂණයේදීත් ඉතා වැදගත් කාර්යයක් ඉටු කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව මෙහිදී පෙන්වා දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිනා සාගරයක ඔබ කිමිඳවන අපූරු වීඳි නිර්මාණ කිහිපයක් අදත් LNW තුළින්!

සටහන – පුලී දෙසැම්බර් 20, කොළඹ (LNW):  අහඹු හාස්‍යයේ සිට ප්‍රවේශමෙන්...

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...