අලි රොෂාන්ට බරපතළ වැඩසහිත දීර්ඝ සිරදඬුවමක්. කෝටි දෙකකට අධික දඩයකුත් නියම වෙයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස අලියකු සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් වරදකරු වූ සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තාට බරපතළ වැඩසහිත වසර 15ක සිරදඬුවම් ලබාදීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (19) නියෝග කළේය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මංජුල තිලකරත්න, ආර්.එස්.එස්. සපුවිද සහ ලංකා ජයරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරන ලදී.

ඉහත සිර දඬුවමට අමතරව විත්තිකරුට රුපියල් ලක්ෂ 206ක දඩයක් ද නියම කෙරුණු අතර අදාළ අලියාව රාජසන්තක කිරීමට ද නියම කෙරිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි තවත් විත්තිකරුවන් තිදෙනෙකු නිදොස්කොට නිදහස් කිරීමට ද විනිසුරු මඬුල්ල නියෝග කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක බැංකුවෙන් මෙරටට තවත් වටිනා අවස්ථාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW ලෝක බැංකුව...

ස්ව්භාවික ව්‍යසනය සමඟ රටේ ආර්ථික වර්ධනයට සිදුවන්නේ කුමක්ද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : ඉකුත් දා සිදුවූ...

මාව බලා ගත්ත ගම බලා ගන්න – තරුශි කරුණාරත්න උඩුදුම්බර ජනතාව වෙනුවෙන් රටින්ම ඉල්ලයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මෑත කාලයේ ශ්‍රී ලංකාවේ...

සිරියාවේ ISIS ඉස්ලාමීය ඉලක්ක ගණනාවකට එරෙහිව එක්සත් ජනපදය පළිගැනීමේ ප්‍රහාර මාලාවක් දියත් කරයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියාවේ...