මම ඇමති උනාට පස්සෙ හෙක්ටයාර ලක්ෂ 02 ක වී වගා කළා – මහින්ද අමරවීර

Date:

තමා කෘෂිකර්ම අමාත්‍ය ධුරය බාර ගන්නා විට වගාකර තිබූ සමස්ත කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර 248,000 ක් වන නමුත් මේ වනවිට එය හෙක්ටයාර 478,000 ක් දක්වා ඉහළ දමා ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මෙම කන්නයේ ලැබෙන අස්වැන්නෙන් වැඩි ප්‍රතිශතයක් මිලදී ගැනීමට කටයුතු කරන බවත්, වී අලෙවි මණ්ඩලය සමග එක්ව මේ වනවිටත් ඊට අදාල මූලික පියවර ගෙන ඇති බවත් ඇමතිවරයා පෙන්වා දෙනවා. අස්වැන්නෙන් වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීම හරහා සහල් ඒකාධිකාරය අවසන් කිරීමට හැකිවනු ඇති බවද ඔහු පවසනවා.

පරිභෝජනය සඳහා පමණක් සහල් ගබඩා කර තබා ගැනීමට හැකි බව පෙන්වා දෙන ඇමතිවරයා පවසන්නේ අතිරික්ත සහල් තොග අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි. එම සහල් තොග සත්ව ආහාර සඳහා හෝ කොම්පෝස්ට් පොහොර සඳහා හෝ යොදා ගන්නා බවද ඔහු පවසනවා.

කිසිදු පුරවැසියෙකුට සාගින්නේ සිටීමට රජය ඉඩ නොතබන බවත්, පැමිණෙන කුමන හෝ අභියෝගයකට වුවද මුහුණදීමට කෘෂිකර්ම අමාත්‍යංශය සූදානම් බවද මහින්ද අමරවීර මහතා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මගේ වත්කම් හංගන්න දෙයක් නෑ. නීතිඥවරයෙක් විදිහට වැඩකරලා ටැක්ස් පවා ගෙව්වා – නාමල්

කොළඹ LNW:තමන්ගේ වත්කම්වල සැඟවීමට දෙයක් නොමැති නමුත් නිර්දන පන්තිය...

බැකෝ සමන්ගේ බිරිඳ යළි රිමාන්ඩ්!

කොළඹ LNW: මුදල් විශුද්ධිකරණය වැළක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර...

මකන්න හදන්න එපා,සුමේධ තවත් ඇඳ ඉවර නැති සිතුවමකි.

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: හෙල්ල වීසි කිරීමේ ඉසව්වකදී හෙල්ලයේ පියාසැරි...

අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී සමරයි!

කොළඹ LNW: අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී...