ලේක් හවුස් පාඩු ඇයි – සුරංග පතිනායක

රජයේ ලේක් හවුස්, රුපවාහිණිය සහ අයිටීඑන් ආයතනයන් විශාල පාඩු ලබමින් තිබෙන බව සඳහන් පුවතක් පසුගිය දා දැක ගන්නට ලැබිණ.  මහජන මුදල් කාබාසිනියා කරණ මේ ආකාරයේ රාජ්‍ය ආයතන ඇත්තේ  ශ්‍රී ලංකාව මෙන් දේශපාලන මූලික සමාජයන්හී බව ලෝකයේ බොහෝ රටවල් දෙස බැලීමෙන් බව අපහසුවකින් තොරව අවබෝධ කර ගත හැක. එංගලන්තය, ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව , කැනඩාව ආදී දියුණු රටවල රජයේ හොරණෑ පිඹින ආයතන නැත. උදාහරණයක් ලෙස එංගලන්තයේ බීබීසී ආයතනය මහජන මුදලින් ක්‍රියාත්මක වන ආයතයක් වුවද කිසිදා කිසිම ආණ්ඩුවකට කඩේ යන්නේ නැත. දේශපාලන ප්‍රතිරූප උස්සා තැබීම හෝ එක දේශපාලන පක්ෂයකට විශේෂ සැලකිල්ලක් එයින් ලැබෙන්නේ නැත. එහි කාර්යභාරය වෙනමම කතා කලයුතු දෙයකි. 

ලේක් හවුස් ආයතනය මහජන මුදල් කාබසිනීයා කරණ ආකාර ගණනාවක් ඇත. පාඨකයින් නොකියවන පුවත් පත් ගැන කතාව අතහැර දමමු. මේ එහි නීති අංශය ගැනය. මා දන්නා එක් නඩුවක් ඇත.  ලේක් හවුසිය ඔවුනට තිබී අහිමි වූ, නීතියෙන් කුලී නිවැසියන්හට හිමිවූ නිවාස කීපයකට නඩු දමා වසර අටකටත් වඩා කිසිදා දිනිය නොහැකි නඩු නිමිත්තකට මහජන මුදල් කාබාසීනියා කරමින් සිටී . 

එම නඩු වලට පෙනී සිටින නීතිඥවරුන් නඩු කල්  යවමින් හොඳට වවාගෙන කන හෙයියාවක් පෙනෙන්නට තිබේ. මේ නඩු වලට බොහෝවිට ලේක් හවුසියේ නීතිඥයින් පෙනී සිටින්නේ නැත. ඒවාට පිටින් නීතිඥවරු ගනිති. කොළඹ දිස්ත්‍රික් උසාවියේ නඩුවකට ලේක් හවුසියෙන් උපදෙස් දී ඇත්තේ ගාලු උසාවියේ නීතිඥ මහතෙකුටය. නඩුවාර  වල දී ඔහු තම කනිෂ්ටයින් පිරිවරාගෙන කොළඹට පැමිණ නඩුවට පෙනිසිට නැවත ගාලු බලා යයි. ඔහුගේ ගාස්තුව ගමන් වියදම් ඇතුළුව කොතෙක් දැයි දන්නේ නීති අංශය පමණි. මේ මහජනතාව ගේ මුදල්ය . 

තවද ලේක් හවුස් ආයතනය රජයට පවරා ගන්නා අවස්ථාවේ පවරා නොගත් නිවසක වසර හතළිහකටත් වඩා ජිවත් වූ නිවැසියෙක් එම ඉඩමේ කඩා වැටීමට ඔන්න මෙන්න තිබූ අඹ ගසක් කැපුවා කියා නඩු පවරා තිබේ. කාලාවරෝධ නිතිය යටතේ එම නිවස එහි පදිංචිව සිටින්නාට අයත් බවට ප්‍රකාශන ඔප්පුවක් තිබුනද ලේක් හවුස් ආයතනය උසාවියෙන් තහනම් නියෝගයක් ගෙන තිබේ. අහල පහළ නිවාස ගණනාවකට තර්ජනයක්ව තිබූ එම අඹ ගස නොකැපුවේ නම් ජිවිත හානි වන්නට ද ඉඩ තිබිණ. එහෙ උසාවියට අපහාස කළා යැයි පවසා නිවැසියා හට නඩු පවරා තිබේ. එම නඩුව දැන් ඇත්තේ අභියාචනාධිකරණයේ ය. අඹ ගසක් කැපීම පිළිබඳව නඩුවක් වසර ගණනාවක් අද්දාගෙන යාම පිළිබඳව විනිසුරුතුමෙකු විවේචනයක් ද කර ඇත්තේය. එහෙත් ලේක් හවුසිය මහජන මුදල් නාස්ති කරන්නේ ඇඟට පතට නොදැනී ය. මෙවැනි කතා ගණනාවක් තිබේ. ඒවා ඇතුලේ අයගෙන්ම අසා දැනගත යුතුය. 

මෙතරම් අගාධයකට රට මුහුණපා සිටින මෙවන් යුගයක මහජන මුදලින් නඩත්තුවන අති විශාල පාඩු ලබන ආයතනන්හි මෙවන් ක්‍රියාකාරකම් ජනතාවට අවැසි දැයි ආර්ථික විශේෂඥ නව ඇමති තුමාගේ විශේෂ අවධානය යොමුවිය යුතුය. 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හිමිට වහාම ජනාධිපති සමාව පිරිනමා අර්බුදය අවසන් කළයුතුයි – එජාපයෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු වී...

වන අලින්ගේ සුබසාධනය වෙනුවෙන් ඩඩ්ලි සිරිසේනගෙන් රුපියල් මිලියන 100ක ධන පරිත්‍යාගයක්

කාවන්තිස්ස මහ ඇතුගේ මරණය හරහා ඉගෙනගත් පාඩම යළිත් වෙනෙකෙකුට...

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...