රෂිකා හෙන්නායක සැප්තැම්බර් 20, කොළඹ LNW :
අද (20) දින එක්සත් ජාතික පක්ෂ 79 වැනි සංවත්සර සැමරුමට එක්වෙමින්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමාට පසුගිය කාලවකවාණුව තුළදී අත්විදින්නට සිදු වූ සිදිවීම් පිළිබඳ විශේෂ අදහස් දැක්වීමක් සිදුකළේය.
තමාගේ එන්ංගලන්ත සංචාරය පිළිබදවත් ඒ අවස්ථාවේදී අදහස් දක්වනු ලැබීය.
හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසූවේ,
“මම දැනගත්තා මට විරුද්ධව පැමිණිල්ලක් කරලා තියෙනවා කියලා කවුද පැමිණිල්ල කරලා තියෙන්නේ වර්තමාන ජනාධිපතිතුමාගේ වර්තමාන ලේකම්. ඕක උඩ මාව අරගත්තා. ඒ වෙලාවේ සියලු දෙනා රැස්වුණා. ඒ වෙලාවේ ආව සියලු දෙනාට මගේ ස්තූතිය මේ මොහොතේ පුද කරනවා…. මම 2022 රට භාර ගන්නකොට දළ දේශීය නිෂ්පාදනය කීයද බිලියන 76.8 අනුර කුමාර දිසානායකට භාර දෙනකොට බිලියන 98.9 වෙන මොකක්වත් නෙමේ ඩොලර් බිලියන 22ක් දීලා ගියේ. මම මොනාටද මේවා අරගන්නේ මට වැඩක් නැහැ. දැන් මේ ඒකාධිපතිවාදය විශාල තර්ජනයක්.
අපි ඉන්නේ බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක. ඉන්දියාවෙත් ඒ ක්‍රමය, එංගලන්තයෙත් ඒ ක්‍රමය. දැන් මේක නැති කරන්න හදනවා. මොකක්ද කියන්නේ මේ රටේ හොරු කියලා ඔක්කොම අරගන්න යනවා. ජාතික විගණන නීතිය අපියි 2018දී සම්මත කළේ. 2022 ප්‍රධාන ප්‍රශ්නයක් වුණේ දූෂණය. ඒ නිසා දූෂණ විරෝධී පනත ගෙනල්ලා අපියි සම්මත කළේ…. දූෂණය විරුද්ධව ක්‍රියා කරන එකට අපි කවුරුවත් විරුද්ධ නෑ. ඒක අපියි අඩිතාලම පටන් ගත්තේ.. දැන් මේක දූෂණයට සීමා වෙලා නෑ. සමහර තැන්වල දූෂණයට මුවා වෙලා කටයුතු කරනවා. මෙහෙම විපක්ෂනායකයින් නිෂ්ශබ්ද කරලා තමයි ඒකාධිපතිවාදය හදන්න යන්නේ…
ඒ අය හිතන්නේ අපි බයවෙයි, මේකට යටත් වෙයි කියලා.. දැන් කතා කරලා කියන්නේ අවුරුදු 78ක් මොනවාද කළේ කියලා අපි නිදහස ලැබුවාට පස්සේ ඩී.එස් සේනානායක අගමැතිතුමා යටතේ මධ්‍ය මහා විද්‍යාල 50ක් හැදුවා දැන් 1000ක් තියෙනවා. 987ක් තිබුණා 2023දී ඒ කියන්නේ 1948 ඉඳන් අපි එක මාසෙක එක මධ්‍ය මහා විද්‍යාලයක් ආරම්භ කරලා තියෙනවා…. අද කොහෙද විදුලි බලය නැත්තේ, හැම ගෙදරම රූපවාහිනී යන්ත්‍රයක් තියෙනවා. එහෙම තියන එක දකුණු ආසියානු රටක් මට කියන්න. මේකද හොරකම” යනුවෙනි.
එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සර උත්සවය ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකදී අද (20) පෙරවරුවේ පැවැත්වූණු අතර, මෙවර එක්සත් ජාතික පක්ෂ සංවත්සරයේ තේමාව වන්නේ ඔබේ මතය ඔබ දරන්න – ව්‍යවස්ථාපිත ඒකාධිපති වාදය පරදවන්න එකට සිට ගමු යන්නයි. එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උත්සවය ආරම්භ වූයේ පක්ෂ නායක හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. එක්සත් ජාතකි පක්ෂය කළ ආරාධනයට අනුව වෙනත් දේශපාලන පක්ෂවල නියෝජිතයින්ද ඊට එක්ව සිටියහ. සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි මහලේකම් සාගර කාරියවසම් මහතා එක්ව සිටිවාර්තා විය. එමෙන්ම සිය පක්ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රිෂාඩ් බදුර්දීන්, මනෝ ගනේෂන් මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, උදය ගම්මන්පිල, මර්වින් සිල්වා ඇතුළු පිරිසක්ද ඊට එක්ව සිටි බව සඳහන් වේ.
