පොතුවිල් මූලික රෝහලේ  තෙමහල් ශල්‍ය හා සායනික බහු සංකීර්ණ ගොඩනැගිල්ල විවෘත වෙයි!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 20, කොළඹ LNW :

නැගෙනහිර පළාතේ පොතුවිල් මූලික රෝහලේ රුපියල් බිලියනයක වියදමින් ඉදිකරන ලද තෙමහල් ශල්‍ය හා සායනික බහු සංකීර්ණ ගොඩනැගිල්ල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතින්  ජනතා අයිතියට පත් කරන ලදී. ඒ , චීන රජයේ ආධාර යටතේ තෝරාගත් රෝහල් 13 ක සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නැගෙනහිර පළාතේ ජනතාවට ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවන් ලබාදීම උදෙසා සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නන්වා ඇත.

පොතුවිල් මූලික රෝහලේ  තෙමහල් ශල්‍ය හා සායනික බහු සංකීර්ණ ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් පසු එම ගොඩනැගිල්‌‌ල සහ එහි ස්ථාපිත ඒකක නිරීක්ෂණයට ලක් කිරීමට ද අමාත්‍යවරයා කටයුතු කරන ලදි. අනතුරුව පැවැති උත්සව සභාව අමතමින් අදහස් දැක් වු අමාත්‍යවරයා චීන රජයේ ආධාර යටතේ රෝහල් 13 ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ රෝහල් 12 ක එම කටයුතු අවසන්ව ඇති බවත් කලවාන රෝහලේ පමණක් ඉදිකරීම් අවසන් කර නොමැති බවයි.

පවතින සමාජ ආර්ථික තත්ත්වයත් සංචාරක ව්‍යාපාරයත් සමග පොතුවිල් මුලික රෝහල සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවය එහි දී දේශීය වෛද්‍ය සේවා සහ සංචාරක ප්‍රතිකාර සේවා අංශ පිළිබඳව ද අවධානය යොමු කරන බව ද පැවසීය.

පසුගිය කාලයේ ආරම්භ කරන ලද රෝහල් ආශ්‍රිත  ඉදිකිරිම් නියමිත කාලය තුළ අවසන් නොකිරීම මත එම ව්‍යාපෘති අවසන් කිරීමට විශාල මුදලක් වැය කිරීමට සිදුව ඇති බවත්, තවත් හදුනා ගත් වැඩ අවසන් නොකළ ව්‍යාපෘති 12 ක් හදුනාගෙන ඇති බවද අවධාරණය කරමින් එම ව්‍යාපෘති අවසන් කිරීම සඳහා මුදල් වෙන් කිරීමට කටයුතු කරන බව ද ‌‌‌අමාත්‍යවරයා පැවසීය.

පොතුවිල් මුලික රෝහලේ ස්ථාපිත මෙම තෙමහල් ශල්‍ය හා සායනික බහු සංකීර්ණ ගොඩනැගිල්ලේ ඉදිකිරීම්  සඳහා වන පිරිවැය රුපියල් බිලියනයක් වන අතර, උපකරණ සඳහා රුපියල් මිලියන 50 ක පමණ  වැය කර ඇති අතර, බාහිර රෝගී අංශය, සායන පහසුකම්, ඖෂධ ගබඩාව, ශල්‍යාගාර සංකීර්ණය, හදිසි ප්‍රතිකාර ඒකක සහ ශල්‍ය වාට්ටු සංකීර්ණය, මිතුරු පියස, භෞත චිකිත්සක ඒකකය, රුධිර බැංකුව ඇතුළු ඇඳන් 90 ක් මෙන්ම තවත් සේවා රැසකින් මෙම තෙමහල් ශල්‍ය හා සායනික බහු සංකීර්ණ ගොඩනැගිල්ල යුක්තය.

මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලද අතර රෝහලේ සංවර්ධනය වෙනුවෙන් කටයුතු කළ පිරිස් වෙත සමරු ඵලක පිරිනැමීමට ද කටයුතු කරන ලදී.

චීන රජයේ ආධාර යටතේ බේරුවල දර්ගා රෝහල, අලුත්ගම රෝහල, සමන්තුරෙයි රෝහල, එරාවූර්, පොතුවිල්, කරාපිටිය, පොළොන්නරුව, පදවිය, වලස්මුල්ල, කලවාන, මහියංගණය, රිකිල්ලගස්කඩ යන රෝහල් සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඕන දෙයකට නායකයින්ව අල්ලන්න යනවා නම් ඒකට විරුද්ධ වෙමු. ඔක්කොමලා හිරේ දැම්මම කවුද පිට ඉන්නේ!

කොළඹ LNW: ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදයට එරෙහිව සියලු දෙනා එකට සිටිය...

මටත් ඉඩම් තුනක් තියෙනවා, කෝටි ගාණක් වෙයි. අපි කවුරුත් හිඟන්නු නෙවෙයි – NPP මන්ත්‍රී අරුණ

ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීකයින් ඇතුළු වත්මන් ආණ්ඩුවේ මැති...

ඇමෙරිකානු මහ බැංකු පොලිය 0.25 කින් කැපීම, අපේ මුදල්වලට බලපාන හැටි.

මූල්‍ය සාක්‍ෂරතා අත්වැල 03 ලිපියේ අරමුණ සහ පසුබිම   ඇමෙරිකානු මහ බැංකුව විසින්...