අර්බුදය උත්සන්න වෙයි – විශ්වවිද්‍යාලත් එකින් එක වැසෙයි

Date:

රටතුළ පවතින ඉන්ධන අර්බුදය ඇතුළු අර්බුද රැසක් හේතුවෙන් සාමාන්‍ය ජනජීවිතය අඩපන වී තිබෙනවා. මේ වනවිට රාජ්‍ය සේවකයන්ට සති දෙකක විරාමයක් ලබා දී ඇති අතර නිවසේ සිට වැඩ කිිරීම ලබන සඳුදා සිට ආරම්භ වේ.

පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තීරණයක් ගෙන නොමැති අතර පාසල්වලටද සති දෙකක නිවාඩුවක් ලබා දෙන්නේද යන්න පිළිබඳව අද දිනය තුළ තීරණය කිරීමට නියමිතය.

මේ අතර පවති අසීරුතා හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය වසා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා. සියලුම අධ්‍යයන කටයුතු සහ විභාග කටයුතු කල්දමා ඇති බවයි වාර්තා වන්නේ.

නේවාසිකාගාරද වසාදැමීමට පියවර ගෙන ඇති අතර නේවාසිකාගාරවලින් ඉවත් වන්නැයි උපකුලපති, මහාචාර්ය එම්.ඩී. ළමාවංශ මහතා සිසු සිසුවියන්ට උපදෙස් ලබා දී තිබෙන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාව අස්සේ දුරකථන සම්ප්‍රේෂණ කුලුනුවල සවිකර තිබූ කේබල් සොරකම් කරලා..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදාවට පත් ප්‍රදේශවල...

ගංගා සාමාන්‍ය තත්ත්වයට – ගංවතුර ඇඟවීම් ඉවත් කරයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අනතුරු ඇඟවීම් කරන ලද ගංගා ද්‍රෝණි...

ඇයි මේ සයිරන් ගහන්නේ එවන්නකො SMS එකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමේදී පැරණි...

බිඳී ගිය රට නැවත හුස්ම ගනී: ප්‍රතිසංස්කරණය ජාතික අභියෝගයක් බවට

උස් පහත් භේදයකින් තොරව කුඩා වැඩිහිටි සියල්ලන්ටම සෑම දේම...