මුදල් අච්චු ගැසීමේ තරඟයේ ජයග්‍රාහක: නන්දලාල් වීරසිංහ!

Date:

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ධුර කාලයේ 2022 ජුනි 17 වැනිදා දක්වා වූ දින 73 ක කාල සීමාව තුළ රුපියල් බිලියන 316 ක මුදලක් මුද්‍රණය කර ඇත. එනම් එම කාලය තුළ දිනකට අච්චු ගැසූ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 4.3ක සාමාන්‍ය අගයකි. (මෙය ලක්ෂ්මන් හෝ කබ්රාල් ගේ ධුරකාලයන් තුළ මුද්‍රණය කල මුදල් ප්‍රමාණය මෙන් දෙගුණයකි)

මෙතරම් විශාල මුදල් ප්‍රමාණයක් ඔහු මුද්‍රණය කර තිබෙන්නේ, තමා රජයෙන් අතිශයින් ස්වාධීන වූ ප්‍රතිපත්තියක් අනුගමනය බව ප්‍රකාශ කිරීමෙන් පසුව බවත්, පෙර නොවූ විරූ ලෙස 7% කින් පොලී අනුපාත වැඩි කිරීමෙන් පසුව බවත් අවධාරණය කළ යුතුය.

එසේම, ඔහු 2022 අප්‍රේල් 12 වන දින සිට ශ්‍රී ලංකාව තම විදේශ විනිමය ණය පැහැර හැරීම පිළිබඳව නිවේදනය කිරීමෙන් පසු, විදේශ ණය පියවීමට විදේශ විනිමය මිලදී ගැනීමට මුදල් අවශ්‍ය වී ද නැති බව ද සිහිපත් කළ යුතුය.

එය එසේ වන විට, 2020 මාර්තු 12 සිට 2021 සැප්තැම්බර් 14 දක්වා කොවිඩ් ව්‍යාප්තියෙන් පසු මහ බැංකු අධිපති W.D ලක්ෂ්මන් මහතාගේ ධුර කාලයෙන් දින 551 ක් තුළ දී මුද්‍රණය කර ඇති මුදල රුපියල් බිලියන 1,206 කි. එනම්, සාමාන්‍යයක් ලෙස දිනකට රුපියල් බිලියන 2.2 ක් ලෙස මුද්‍රණය කර ඇත.

තවද, කබ්රාල් අධිපතිවරයා ලෙස කටයුතු කළ 2021 සැප්තැම්බර් 15 සිට 2022 අප්‍රේල් 5 දක්වා දින 203 ක කාලය තුළ දිනකට මුදල් මුද්‍රණය කළ සාමාන්‍ය අගය රුපියල් බිලියන 2.2 බැගින් රුපියල් බිලියන 446 ක ප්‍රමාණයකි. එම දෙදෙනාගේ පාලන කාලය තුළ පොලී අනුපාත 7% කින් අඩුව පැවති අතර විදේශ ණය පියවීමට ද විදේශ විනිමය මිලදී ගැනීමට ද මුදල් වෙන් කිරීමට සිදු විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය...

 සටන් විරාමයෙන් පසු ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ගුවන් ප්‍රහාරවල දැවැන්ත වර්ධනයක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නොවැම්බර් මාසයේ ඇති...

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ තවත් කරුණු රැසක් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ගනේමුල්ල සංජීව ඝාතන...

දරුණු ගංවතුර තත්ත්වය මැද හිස ඔසවන්න වෙර දරණ මොසැම්බික් රාජ්‍යය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මොසැම්බික් රාජ්‍යය තුළ...