ගෝඨා – රනිල් ගෙදර යවන්න සජබෙන් විරෝධතා සතියක්! (VIDEO)

Date:

සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එම මන්ත්‍රී කණ්ඩායම අතර විශේෂ සාකච්ජාවක් අද (18) විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණ අතර එළඹෙන සතිය විරෝධතා සතියක් ලෙස නම් කිරීමට එහිදී තීරණය වී ඇත.

ඒ අනුව ලබන සඳුදා දින උදෑසන පක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ මහා ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුවක් පවත්වා එම සතියේ පැවැත්වෙන විරෝධතා ගැන ජනතාව දැනුවත් කිරීමට නියමිත බවයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසුවේ.

වත්මන් ජනාධිපතිවරයාට මෙන්ම අගමැතිවරයාට සිය ධූරයන්ගෙන් ඉවත් වන ලෙස බලකරමින් එම විරෝධතාව ආරම්භ කරන අතර සර්ව පාක්ෂික ආණ්ඩුවක් සෑදීම එහි අරමුණ බව සේනාරත්න මහතා කියා සිටියේය.

එම විරෝධතාවන්ට සෙසු පක්ෂවලටත් ආරාධනා කිරීමට නියමිතයි.

2019 යහපාලන ආණ්ඩුව විසින් රට යළි බැහැර දෙන විට මෙවැනි ආර්ථික තත්ත්වයක් රට තුළ නොපැවති බවත් වත්මන් ජනධිපතිවරයා බලයේ සිටින තාක්කල් මෙරටට ලෝක ආධාර හිමි නොවන බවද හෙතෙම සඳහන් කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දශක හතරකට පසු අලුත් වෙන පාර්ලිමේන්තුව!

කොළඹ LNW:දශක 4කට පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහා පරිමාණ...

විහාරදේවාලගම් පනතට සංශෝධනට!

කොළඹ LNW:විහාර දේවාලගම් ආඥා පනතට ගෙන ඒමට නියමිත සංශෝධන...

ෆින්ලන්ත රජයෙන් මෙරට සුව සේවය ඩිජිටල්කරණයට අත හිත!

රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ LNW: සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය...

ගීතාගේ සමීම් වන්නට හැකි නෙත්මිගේ සංජීව

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: ශ්‍රී ලංකාව එදා මෙදා තුර...