මාලිමා මැති ඇමතිලාගේ ඔය වත්කම් 76 අවුරුදු සාපය කාලේ හම්බු කරපුවාද, නැත්නම් මේ අවුරුද්දේ හම්බ කරපුවාද ? – නාමල් ප්‍රශ්න කරයි

Date:

රටේ සංවර්ධනය කෙසේවෙතත් ගතවූ වසරක කාලය තුළ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වත්කම් නම් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“ඔව්, ඇත්තටම අවුරුද්දක් ඇතුළත වත්කම් බැරකම් නම් හැදිලා තියෙනවා. මොකද කෙහෙල් කැන කැබ් එකේ දාගෙන ඡන්දෙ කරපු අය, ගමේ මාමලාගෙන් රුපියල් 5000 ඉල්ලන් මළගෙදර ගියපු අය, මඟුල් ගෙදර කපල් එකෙන් සල්ලි ඉල්ලන් වෙඩින් එකට අත්සන් කරපු අයගේ වත්කම් බැරකම් නම් වැඩිවෙලා තියෙනවා මේ අවුරුද්ද ඇතුළත. දැන් අපිට තියෙන ප්‍රශ්නෙ, මේවා අවුරුදු 76ක සාපය කාලෙ හම්බු කරපුවාද, එහෙම නැත්නම් මේ අවුරුද්ද ඇතුළත හම්බු කරපුවාද ? ඒ ප්‍රශ්නෙටටත් ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරු උත්තර දෙන්න වෙනවා ඉතින්. ඒ හින්දා දැන් ඔවුන් මාධ්‍යයට ඇවිල්ලා කෙඳිරිගාලා හරියන්නෙ නෑ තමන්ගෙ දරුවො පෙන්නලා, පරම්පරාව ගැන කියලා … මොකද ඔබ ඉස්සර කිව්වෙ ඔය කතාව නෙවෙයි. ඉස්සර කිව්වෙ ඔබ මේ රටේ නිර්ධන පන්තිය නියෝජනය කරන, බොහොම අමාරුවෙන් හැදිච්ච වැඩිච්ච, දේපළ නැතිව බොහොම අමාරුවෙන් දේශපාලනය කරන අය. හැබැයි රාජපක්ෂලා ඇතුළු අනිත් සියලු දෙනාම හොරු, ඒ අය පරම්පරාවෙන්ම හොරකම් කරපු අය, තමන්ට දේපළ තිබ්බෙ නැති අය, හැබැයි ධනපති පැළැන්තියෙ අය කියලා. අපිට දේපළ නෑ, හැබැයි පැළැන්තිය ධනපති. ඒ අය නිර්ධන පැළැන්තියේ, හැබැයි දේපළ තියෙනවා …”

“ඒ අයට ඔය තියෙන්නේ පරම්පරා සල්ලි කියලා ඒ අය ඔප්පු කරලා පෙන්වනවා නම් ඒ අය කලින් කියලා තියෙන්නෙ බොරු. එක්කො දැන් බොරු කියනවා, එක්කො කලින් බොරු කියලා තියෙන්නෙ. කොහෙන් ගියත් ඒ අය කියලා තියෙන්නෙ බොරුවක්. ඒ හින්දා පළවෙනි කාරණය තමයි ඒ අය තමන් බොරු කිව්වා කියන කාරණය පිළිගත යුතුයි. එක්කො කලින් බොරු කිව්වා, නැත්නම් දැන් කියන්නෙ බොරු”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (22) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...

ශ්‍රී ලංකාව සහ UAE, ක්‍රීඩාව ගැන අවබෝධතා ගිවිසුමකට එකඟ වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: ඩුබායි හි පැවැති 2026...

ඉරානයේ තවත් උත්සාහයක් ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ඉහළම ආරක්ෂක...