බය කරලා දේශපාලනය කරපු කාලය ඉවරයි – නාමල්

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24 කොළඹ LNW :

රටේ ජනතාව කෙසේ වෙතත් ආණ්ඩුවේ එකසිය පනස් නව දෙනා නම් පොහොසත් වුණු ආකාරය වත්කම් බැරකම් ප්‍රකාශ වලින් හොදින්ම දුටු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී පැවසීය.

හැත්තෑ අවුරුදු ශාපයක් තුළ කෝටිපතියන් වූයේ කෙසේදැයි ප්‍රශ්නයක් බවද ඔහු සඳහන් කළේය.

අවුරුදු 76 දී කෝටිපතියන් නොවුනානම් පහුගිය අවුරුදු කිහිපයේදී කෝටිපතියන් වූයේ කෙසේදැයි තමා ප්‍රශ්න කරන බව පැවසූ මන්ත්‍රීවරයා ඒ ප්‍රශ්නයටත් එක එක අය එක එක විදිහට පිළිතුරු ලබාදී ඇතැයිද ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ පැවසුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.

ධීවර කර්මාන්තය රබර් කර්මාන්තය බිඳ වැටී ඇති බවත් විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට අද තියෙන ලොකුම වේදනාව රැවටුණු එක බවත් නාමල් රාජපක්ෂ පැවසීය.

බය කරලා දේශපාලනය කරපු කාලය ඉවරයි යැයිද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

ධීවර කර්මාන්තය සියයට 34කින් වැටී ඇතැයිද මෙහෙම ගියොත් පිටින් මාළු ගෙනවිත් කන්න සිදුවන්නේ යැයිද ඔහු ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දරුණු රිය අනතුරක් : 31කට තුවාල.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මාතර - බෙලිඅත්ත...

අධිවේගයේ පෙරළියක්: ආදායම රු. මිලි. 61ක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඊයේ (24)...

ගම්පහ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව...

මාලිමාව හික්කඩුවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ 2026...