සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට ඩබල් කැබ් 07 ක්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26 කොළඹ LNW :

ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍ය දායකත්වය සහ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අනුග්‍රාහකත්වය යටතේ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත ඩබල් කැබ් රථ 07 ක් ලබා දීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත ලබාදීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදු කෙරිණි. මෙම කැබ් රථයක වටිනාකම මිලියන 22 ක් බව පැවසේ.  

ඒ අනුව නුවර දිස්ත්‍රික්ක‌යේ වරල්ලගම සහ ගඟවට කෝරලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහාත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පතාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහාත්, බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණ සහ බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සඳහාත්, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහාත්, කොළඹ ව්‍යාපෘති කළමණාකරණ ඒකකයටත් නිල වශයෙන් කැබ් රථ බාරදීම මෙහිදී සිදු විය.

සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් මධ්‍යම, උතුරුමැද, ඌව සහ සබරගමුව පළාත්වල රෝග නිවාරණ සෞඛ්‍ය සේවා සඳහා කැබ් රථ 45 ක් ලබාගැනීමට කටයුතු කර තිබූ අතර, 2022 ජනවාරි මාසයේ දී ඉන් ඩබල් කැබ් රථ 38 ක් මිලදී ගෙන එම කැබ් රථ රෝග නිවාරණ සෞඛ්‍ය සේවා ලබාදීමට පියවර ගෙන තිබුණි. එම වැඩපිළිවෙලේ  මැතක දී මිල දී ගත් ඉතිරි කැබ් රථ 07 මෙලෙස නිල වශයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී ලබාදීම සිදු විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුව ඇමති හමු වූ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි Trinh Thi Tam!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, කොළඹ LNW: සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය...

චනිත්මාගේ ගැටළුවේදී පරංගියාගේ පාරෙන් කෝට්ටේ යන අධ්‍යාපන බලධාරීන්ට හරි පාර

නිශ්මං රණසිංහ දෙසැම්බර් 26, කොළඹ LNW: මේ මොහොතේ සමාජ මාධ්‍ය...

සිය පළමු දේශනය සිදු කරමින් ලියෝ පාප් වහන්සේ ඉල්ලූ දේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශාන්ත පීතර චතුරශ්‍රයේ...

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝමබ බියක්!

කොළඹ LNW:මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝමබ බියක් හේතුවෙන් විශේෂ...