නිශ්මං රණසිංහ සැප්තැම්බර් 27, කොළඹ LNW:
පැතුම් නිශ්ශංක පන්දු 58 න් ලකුණු 107 ක් ලබා ගනිමින් මෙවර ආසියානු කුසලානයේ ලකුණු 200 ඉක්මවා පළමු වරට සිය ලකුණු පූවරුව ඉහළ නංවමින් කඩුලු 5 ට ලකුණු 202 ක් ලැබූ ඉන්දීය ඉණිම හා සමවෙන ලකුණු පූවරුවක්,කඩුලු 5 ක් පමණක්ම දැවී රැස් කරන්නට ශ්‍රී ලංකාව සමත් විය.හපෙහර හයකින් සහ හතරේ පහර පොහොසත් වූ පැතුම් ගේ ඉණිම නිසා ලකුණු 202 ක් ලබා පහසු ජයක් අපේක්ෂාවෙන් සිටි ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය සඳහා සුපිරි පන්දු ඕවරයේ සහය ලබා ගන්නට විණි.එහිදී පැතුම් දැඩි වෙහෙසට පත් වී සිටීම නිසා පන්දුවට පහර දීම ඇරඹීමට දසුන් ශානක සහ කුසල් ජනිත් පෙරේරා පැමිණියද එම දෙදෙනාම අසාර්ථක වෙමින් ශ්‍රී ලංකාවට හිමි වූ සුපිරි පන්දු ඕවරයේදී රැස් කර ගන්නට ලැබුණේ කඩුලු 2 ට ලකුණු 2 ක් පමණි.ඊට පිළිතුරු ලෙස ඉන්දියාව මුහුණ දුන් පළමු පන්දුවෙන් ලකුණු 3 ක් ලබා ඉන්දියාව ජය ලබා ගත්තේය.

ඉන්දියාව වෙනුවෙන් සුපුරුදු පරිදි අභිශේක් ෂර්මා වැඩිම ලකුණුලාභියා විය.ඔහු ලකුණු 61 ක් රැස් කළේ පන්දු 31 ට මුහුණ දෙමින්ය.එහෙත් දෙවන කඩුල්ල 7 වන පන්දු ඕවරයේ පස්වන පන්දුවට දැවී යන විට ලකුණු 74 ක් වූ ලකුණු පූවරුව කඩුලු 3 ට ලකණු 92 ක් වී ඉන්දීය ලකුණු පූවරුව යම් ආකාරයකට ලකුණු ලබා ගැනීමේ මද අපහසුවක් පෙන්වද්දී ක්‍රියාත්මක වූ තිලක් වර්මා ඉණිම නිමාවෙන තෙක්ම කණ්ඩායම වෙනුවෙන් කැප වෙමින් නොදැවී ලකුණු 49 ක් ලබා ගන්නට සමත් විය.ඔහු ලකුණු 39 ක් ලැබූ සංජු සැම්සන්ගේ සහ අවසාන මොහොතේ වේගවත්ව පන්දු 15 දී නොදැවී ලකුණු 21 ක් ලැබූ අක්ෂාර් පටෙල් සමග හොඳ කඩුලු සබඳතා පවත්වන්නට සමත් විය.

එවැනි දැවන්ත ලකුණු පූවරුවකට පිළිතුරු දීමේදී ශ්‍රී ලංකාව සතු එකම මුවහත් ආයුධය හැටියට දකින්නට ලැබුණේ පැතුම් නිශ්ශංක පමණි.එය ගල ගා මුවහත් කර දෙන්නට තරම් සමතුන්ව පෙනෙන්නට සිටියේ කුසල් පෙරේරා සහ දසුන් ශානක පමණි.පිතිහරඹයේදී එක දිගටම අසාර්ථක වෙමින් තිබියදී චරිත් අසලංකත් සහ එකම එක අර්ධ ශතකයක් අසීරුවෙන් තරගාවලිය තුළ එක් කරගෙන සිටි කමිඳු මෙණ්ඩිසුත් ලකුණු අතර සිටින බවට යම් විශ්වාසයක් ඇති කර ගෙන සිටි දසුන් ශානකට පෙර කුසල් පෙරේරාගෙන් පසුව කඩුල්ලට එවීමට තිබුණ එකම හේතුව ඔවුන් වමත් පිතිකරුවන් වීම ද?
චරිත් හා කමිදු අදක්ෂයන් නොවුණ ද,මේ මොහොතේ ඔවුන් දක්වන දස්කම් ගැන නොසිතා පිටියට එවීමෙන්,කුසල් පෙරේරා සහ පැතුම් නිශ්ශංක එක් කර තිබුණ රිද්මය බිමට සමතලා කරමින් පීඩනය ශ්‍රී ලංකාව පැත්තට හරවමින් පන්දු 16 ට ලබා ගත් ලකුණු 8 ශ්‍රී ලංකාවට මේ තරගයේ ජයග්‍රහණය මඟ හැරුණු තැනය.එසේ නොවුණානම් සමහර විට පැතුම්ට සැහැල්ලුවෙන් පිත්ත හසුරුවමින් නොදැවී ක්‍රීඩා කරන්නටත් ඉඩ තිබිණ.ලකුණු වේගය පන්දු සමඟ සමාන කරන්නට යෙදුණ ඒ අවස්ථාව චරිත්ගේ සහ කමිදුගේ පසුබෑමෙන් කණ්ඩායමට අහිමි විය.එම තත්ත්වය ඇති විය හැකි බවට ඔවුන් දෙදෙනා මේ තරගාවලියේදී දැක් වූ ක්‍රීඩා රටාව නිසා දැන ගෙන සිටියදීත් තීරණාත්මක මොහොතක ඒ දේ ම සිඳු කිරීම ගැටළුකාරීය.

මීට පෙර චරිත් සහ කමිඳු දිනා දී ඇති තරග සම්බන්ධයෙන් ඇති ගෞරවයට කිසිඳු කැළලක් නොවන්නට,මේ පරාජයේ අගෞරවයද ඇත්තක් හැටියට ඔවුන් දෙදෙනා පිට පැටවීම සිදු විය යුතුය.
නැවත පන්දුවට පහර දීමේදී පැතුම් යළි නොකැදවීම ගැටළුකාරීය.වෙහෙසකාරී බව ඒ තත්ත්වය ඇති කරන්නට ඇති බව සිතිය හැකි සාධකය වන්නේ පළමු කඩුල්ල අහිමි විමෙන් පසුවද පැතුම් නොපැමිණිමය.ක්‍රිකට්ලෝලීත්වය යන්න පරාජයේදී සතුටු වන පරාජයේදී එම සතුට අමතක කරන තත්ත්වයක් වන බැවින් එසේ පැමිණ පැතුම් අසාර්ථක වූවානම් ලැබූ ශතකයද අවපැහැ ගන්වන්නට තිබිණ.සරලම කාරණය පැතුම්ගේ ශතකයට සහ ඔහු කණ්ඩායම පරාජය වූ තරගයේදී ද තරගයේ වීරයා කළ සුපිරි ඉණිම වෙනුවෙන් විශාලම හයිය දුන් කුසල් ජනිත් පෙරේරා සුපිරි පන්දු ඕවරයේ සිටිය ද පළමු පන්දුවේදී දැවී යාම ගැන කිසිවක්ම සඳහන් නොවීමය.එහෙත් කමිඳු මෙණ්ඩිස් නොමැතිව කුසල් මෙණ්ඩිස් තෝරා ගත්ත ද හොඳ වන්නට තිබුණ බව මේ තරගාවලියේ පසුබිම අනුව සිතිය හැකිව තිබුණානම් වැදගත් වන්නට තිබිණ.එහිදී ද සමහර විට ජාත්‍යන්තර මට්ටමේ පන්දු යවන්නෙකුට වමත් සහ දකුණත් සුසංයෝගයකින් විශාල බලපෑමක් ඇති කර හැකිය යන විශ්වාසයෙන් කමිඳු එව්වානම් එම තීරණය කණ්ඩායම් කළමණාකාරීත්වයේ වැරදි තීරණයක්ය.

එහෙත් ක්‍රීඩකයෙක් කණ්ඩායම් ක්‍රීඩාවකදී කණ්ඩායමට දෙන දායකත්වය සමහර විට කණ්ඩායමේ සියල්ලගේම එකතුවට වඩා විශාලය.සනත්ලා අරවින්දලා මෙන්ම මුරලිලා ද පිත්තෙන් පන්දුවෙන් එවැනි දේ කර ඇත.පැතුම් කරන්නේද සහ කරේද එයය.කණ්ඩායමට ක්‍රීඩකයෙකු වැදගත් වන්නේ ද එබැවින්ය.මේ කණ්ඩායමේ සිටින චරිත්,කමිදු,කුසල් මෙණ්ඩිස් සහ කුසල් පෙරේරා සතුවද එවැනි ඉණිම් ඇත.වනිඳු වැනි මෙන්ම විටෙක නුවන් තුෂාර ද එවැනි දේ කළ පන්දු යවන්නන්ය.
ඒ ඇගයීම් මකා නොසළකා නොව ඒවා ඉතිහාසයේ තිබෙන තැන්වලට කිසිඳු හානියක් නොවන්නට මේ තරගාවලිය තුළ චරිත් විසින් වගකීම භාරගත යුතු වැරදි රැසක් සිඳු කළ බව අප පිළිගත යුතුය.සමහර විට චරිත්ට ඒ සඳහා මඟ පෙන් වූ සනත් ජයසූරිය ද එහි තමන්ගේ කොටස භාරගෙන වැරදුණ බව කීමට නිහතමානී විය යුතුව ඇත.කෙසේ හෝ අප සමස්තයක් ලෙස තරගාවලිය පරාජයකින් නිම කළ ද,මේ දක්වා තරගාවලිය තුළ සෙසු කණ්ඩායම්වලට ආසන්නයට හෝ නොපැමිණිය හැකි ලෙස වැජඹුණ ඉන්දියාව පරාජයේ ආසන්නයටම රැඟෙන යමින් ශ්‍රී ලංකාව දැක් වූ දක්ෂතාවයද ඇගයිය යුතු තත්ත්වයක්ය.එහෙත් ඉන්දියාව අභිෂේක් ෂර්මා සොයා ගත් ආකාරයට සහ යොදවා ගත් ආකාරයට ඉදිරියේදී විශේන් හැළඹගේ වැනි ක්‍රීඩකයන් ගැන සිතීමට නිර්භීත විය යුතු බවට ලැබෙන පණිවිඩය නොසළකා හරින්නට තරම් සනත් සහ චරිත් මෙන්ම සමස්ත තේරීම් කමිටුව ද අන්ධයන් බිහිරන් සේ කටයුතු නොකිරීමට වග බලා ගත යුතුය.
තරගයේ ලකුණු සටහනට පහතින් පිවිසෙන්න.
https://bit.ly/3VD6yXO
