අපවත් වූ නා උයනේ භික්ෂූන් වහන්සේලාගේ සසර ගමන කෙටි වේවා!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27 කොළඹ LNW :

පසුගිය 24 වැනිදා ඩක්කුවක් කඩා වැටී අපවත් වූ මෙරට භික්ෂූන් වහන්සේ සිව්නමගේ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ සිදු කෙරෙන බව වාර්තා වේ.

කුරුණෑගල, මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ උන්වහන්සේලාගේ දේහයන් ඊයේ තැම්පත් කෙරුණි.

උන්වහන්සේලාට අවසන් ගෞරව දැක්වීම සඳහා භික්ෂූන් වහන්සේ, දේශපාලඥයින් ඇතුලු සැදැහැවතුන් විශාල පිරිසක් එම ආරණ්‍ය සේනාසනයට පැමිණි බවද වාර්තාවේ.

පූජ්‍ය රුමේනියාවේ ධම්මරන්සි හිමි, පූජ්‍ය රුසියාවේ ධම්මරක්ඛිත හිමි, පූජ්‍ය ඉන්දියාවේ ධම්මගවේෂි හිමි, පූජ්‍ය නුගේගොඩ විපස්සි හිමි, පූජ්‍ය මල්වානේගම සමිද්ධි හිමි, පූජ්‍ය නාවලපිටියේ උත්තරානන්ද හිමි සහ පූජ්‍ය උඩවලවේ සන්තසුමන හිමි යන භික්ෂූන් වහන්සේ මෙලෙස අපවත් වූහ.

අපවත් වී වදාළ ඉන්දියානු සහ රුමේනියානු හිමිවරුන්ගේ දේහ එම හිමිවරුගේ ඥාතීන්ගේ ඉල්ලීම මත මහ කොමසාරිස් කාර්යාලවල සම්බන්ධීකරණයෙන් එම රටවල් වෙත වැඩම කරවීමට නියමිතව ඇති අතර, අපවත් වූ මෙරට භික්ෂූන් වහන්සේ සිව්නමගේ සහ රුසියානු ජාතික භික්ෂුවගේ දේහය භූමදානය අද ප.ව. 4ට පන්සියගම සුසාන භූමියේදී සිදු කෙරෙනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (29) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 29) දිනයේදී ඌව පළාතෙත්...

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා 2026 ජනවාරි...

ඉදිකිරීම් අවසන් අදියරේ පසුවන ස්ප්‍රින්ංවැලි Bailey Bridge!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW : දිට්වා සුළිකුණාටුවෙන්...