සජබෙන් පොලීසියට එරෙහිව පොලිස් පැමිණිල්ලක්! (VIDEO)

Date:

පසුගිය දිනවල ඉන්ධන පෝලිම්වල සිටි ජනතාවට පොලිස් නිලධාරීන්ගෙන් එල්ල වූ පහර දීම් ඇතුළු පීඩාවන්ට විරෝධය පළකරමින් ඒ සම්බන්ධයෙන් නිසි මැදිහත්වීමක් කර අදාළ නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමර්ග ගන්නා ලෙස ඉල්ලමින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඇතුළු කිහිප දෙනෙක් අද (20) පොලිස් මුලස්ථානය වෙත පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

පොලීසිය කටයුතු කළ යුත්තේ ජනතාවට ආරක්ෂා කිරීමට වුවත් ඇතැම් නිලධාරීන් පාලකයන් ආරක්ෂා කිරීමට කටයුතු කරමින් සිටින බව පෙනෙන්නට ඇති බවයි මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ.

ආණ්ඩුවේ වුවමනාව මත ජනතාව මර්දනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව රහුමාන් මහතා සඳහන් කළේය.

ඒ අනුව පොලීසියේ රාජකාරියට පිටින් ගොස් ආණ්ඩුවේ වුවමනාවන් ඉටුකරන පොලිස් නිලධාරීන් පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවද රහුමාන් මහතා කියා සිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...