සජබෙන් පොලීසියට එරෙහිව පොලිස් පැමිණිල්ලක්! (VIDEO)

Date:

පසුගිය දිනවල ඉන්ධන පෝලිම්වල සිටි ජනතාවට පොලිස් නිලධාරීන්ගෙන් එල්ල වූ පහර දීම් ඇතුළු පීඩාවන්ට විරෝධය පළකරමින් ඒ සම්බන්ධයෙන් නිසි මැදිහත්වීමක් කර අදාළ නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමර්ග ගන්නා ලෙස ඉල්ලමින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඇතුළු කිහිප දෙනෙක් අද (20) පොලිස් මුලස්ථානය වෙත පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

පොලීසිය කටයුතු කළ යුත්තේ ජනතාවට ආරක්ෂා කිරීමට වුවත් ඇතැම් නිලධාරීන් පාලකයන් ආරක්ෂා කිරීමට කටයුතු කරමින් සිටින බව පෙනෙන්නට ඇති බවයි මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ.

ආණ්ඩුවේ වුවමනාව මත ජනතාව මර්දනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව රහුමාන් මහතා සඳහන් කළේය.

ඒ අනුව පොලීසියේ රාජකාරියට පිටින් ගොස් ආණ්ඩුවේ වුවමනාවන් ඉටුකරන පොලිස් නිලධාරීන් පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවද රහුමාන් මහතා කියා සිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හොංකොං අධිකරණය කුමන්ත්‍රණ චෝදනා මත Jimmy Lai වරදකරු කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුළුල් ලෙස පරීක්ෂා...

අනුරාධපුරය සිට යාපනය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : යුධ හමුදාවේ සහයෝගය...

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...