වසර 23 ක චෝදනාවලින් සර්පයා නිදහස් !

Date:

සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රංජිත් නන්දසේන මහතා සහ ඔහුගේ ආරක්ෂක නිළධාරියා ඝාතනය කර පුළුස්සා දැමීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි, සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී හසිත සම්පත් මුහන්දිරම් මහතා (සර්පයා) නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද තීරණය කළේය.

අදාල ඝාතනය සම්බන්ධයෙන් ගොනුකර තිබූ මහාධිකරණ නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරිණි. කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

1999 සැප්තැම්බර් මස 03 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී රත්නපුර කලවාන ප්‍රදේශයේදී හිටපු පළාත් සභා මන්ත්‍රී රංජිත් නන්දසේන මහතා සහ ඔහුගේ ආරක්ෂක නිළධාරියා ලෙස කටයුතු කළ දීපාල් ගුණසිංහ මහතා ඝාතනය කර ඔවුන් පැමිණි වෑන් රථයට දමා ගිනි තබා අනර්ථයක් සිදුකළ බවට චෝදනා එල්ල කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබිණි.

නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ හසිත මුහන්දිරම් මහතාට එල්ල වූ චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට අසමත් වී ඇති බවයි. ඒ අනුව සැකකරු අදාල චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණය තීන්දු කළේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම සසර තේරුම් ගත්තවුන් නිසි කඨින ...

“තෙවැනි ඇසට සුවය” අක්ෂි සායනය : ජනමාධ්‍යවේදීන් සඳහාමයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01 , කොළඹ LNW: ජනමාධ්‍යවේදීන් සඳහාම වෙන්...

කැනඩා අගමැති මාර්ක් කාර්නි ට්‍රම්ප්ගෙන් පෞද්ගලිකව සමාව අයදී

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඔන්ටාරියෝ අගමැති...

ඔක්තෝබර් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ධන අගයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : ඔක්තෝබර් මාසයේ CCPI...