වව්නියාවේ තෙල් පෝලිමක ගැටුමක් – පහක් රෝහලේ

0
1136

වව්නියාව ආඬියාපුලියන්කුලම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසල ඇති වූ ගැටුමකින් පුද්ගලයන් 05 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඔවුන් සෙට්ටිකුලම රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ රැඳී සිටි පිරිසක් අතර බහින් බස්වීමක් ඇතිව තිබෙනවා. ඒ අතර උරණ වූ එක් පුද්ගලයෙකු කඩුවකින් පහර දී පුද්ගලයන් 05 දෙනෙකුට තුවාල සිදුකර තිබෙනවා.

රෝහල්ගත කර ඇති පිරිස අතර බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකුද සිටින බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

UN