කෝප් එකට එන නිළධාරීන්ගෙන් දිවුරුමක් ගන්න යයි

Date:

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවට කැඳවන නිළධාරීන්ගෙන් දිවුරුමක් ලබා ගැනීමට එම කමිටුව තීරණය කර තිබෙනවා. අද පැවති කෝප් කමිටුවේ විශේෂ රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව මින් ඉදිරියට කෝප් කමිටුව හමුවට කැඳවන නිළධාරීන් සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් දිවුරුමක් ලබා ගැනීමට නියමිතය.

පසුගිය 10 වැනිදා කෝප් කමිටුව හමුවට පැමිණි විදුලිබල මණ්ඩල සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා, ජනාධිපතිවරයා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් ඉන් පසුව ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කළ අතර එම සිදුවීම අලලා ඇති වූ ආන්දෝලනාත්මක තත්වය සැළකිල්ලට ගෙන කෝප් කමිටුව මෙම තීරණයට එළඹ තිබේ.

විදුලිබල මණ්ඩල සභාපතිවරයා යළිත් 23 වැනිදා කෝප් කමිටුව හමුවට කැඳවීමටද තීරණය කර තිබෙනවා. ජුනි 11 වැනිදා ෆර්ඩිනැන්ඩු මහතා කෝප් කමිටුව වෙත යොමුකර ඇති ලිපිය සම්බන්ධයෙන් කරුණු විමසීමට නියමිත අතර ජනාධිපතිවරයා පිළිබඳව සිදුකළ ප්‍රකාශය කෝප් කමිටු වාර්තාවෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉන්පසු තීරණය කරන බවයි කෝප් සභාපති චරිත හේරත් මහතා පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...