මහා බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් synagogue (යුදෙව් පල්ලි) ප්‍රහාරයෙන් දෙදෙනෙකු මිය යයි!

0
180

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

මහා බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් synagogue (යුදෙව් පල්ලි) ප්‍රහාරයෙන් දෙදෙනෙකු මිය යාමෙන් පසු බ්‍රිතාන්‍යය තුළ ඉහළ යන යුදෙව් විරෝධී වෛරය පරාජය කළ යුතු බව ස්ටාර්මර් දැඩිව පවසයි.

එක්සත් රාජධානියේ යුදෙව් ප්‍රජාව අමතමින් ඔහු පවසා ඇත්තේ “ඔබට ලැබිය යුතු ආරක්ෂාව” ලබා දීමට තමා සතු සියල්ල කරන බවයි.

මෙහිදී, පුද්ගලයකු මහජනතාව වෙත මෝටර් රථයක් පදවාගෙන ගොස් අනතුරුව ,තියුණු ආයුධයකින් ඇනීමෙන් දෙදෙනෙකු මිය ගොස් ඇති අතර, හතර දෙනෙකු රෝහල් ගත කර ඇත.

පොලිසිය එය ත්‍රස්තවාදී සිදුවීමක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

පසුව, 999 ට කළ ඇමතුමෙන් මිනිත්තු හතක් ඇතුළත පොලිසිය ප්‍රහාරකයාට වෙඩි තබා ඝාතනය කළේය; පසුව නිලධාරීන් තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ග
ත් බවද වාර්තා වේ.

සිද්ධියේ වීඩියෝවකින් දැක්වෙන්නේ පොලිසිය “ආපසු එන්න – ඔහු සතුව බෝම්බයක් තිබේ!” යනුවෙන් කෑ ගසන බවයි, නමුත් නිලධාරීන් පසුව තහවුරු කරන්නේ ඔවුන් සතු උපාංගය”ක්‍රියාකාරී නොවන” බවයි.

අද යුදෙව් දින දර්ශනයේ ශුද්ධතම දිනය වන යොම් කිප්පූර් වන බැවින් හීටන් පාර්ක් සිනගෝගයේ “විශාල පිරිසක්” යාඥා කරමින් සිටි බවද පොලිසිය පවසයි –

එංගලන්තයේ සහ වේල්සයේ යුදෙව් ජනතාවට එරෙහි ආගමික වෛරී අපරාධ පසුගිය වසර තුළ දෙගුණ වී ඇති බව ස්වදේශ කටයුතු කාර්යාල දත්ත පෙන්වා දෙයි.

2024 මාර්තු මාසයෙන් අවසන් වූ වසර තුළ පොලිසිය මෙවැනි සිදුවීම් 3,282ක් වාර්තා කර ඇති අතර, එය ඊට පෙර වසරේ වාර්තා වූ වෛරී අපරාධ 1,543 දක්වා ඉහළ ගොස් ඇති බවද පවසයි.

පොලිසිය විසින් වාර්තා කරන ලද සියලුම ආගමික වෛරී අපරාධවලින් තුනෙන් එකක් යුදෙව් ජනතාවට එරෙහි අපරාධ වේ.

පසුගිය වසරේ මුස්ලිම්වරුන් ඉලක්ක කරගත් වෛරී අපරාධ වැඩි වුවද, එයටත් වඩා වැඩි ප්‍රතිශතයකින් යුදෙව් ජනතාව ඉහළ ඉලක්ක කර තිබුණු බවද වාර්තා වේ.