මාලිමා ආණ්ඩුව ප්‍රබුද්ධ ද?

Date:

අපේ තරුණ කාලයේ සිට අප විශ්වාස කල ‘යුරෝකේන්ද්‍රීය වටිනාකම්’ (Eurocentric values) සමුහයක් මේ පොළොවේ ස්ථාපිත කිරීම වෙනුවෙන් මාලිමා ආණ්ඩුව කටයුතු කරමින් සිටී. එම මාවතේ සාර්ථකත්වය ගැන යමක් සඳහන් කිරීම දැනට අපහසු වුවද ලංකාවේ ගම්මාන මානසිකත්වය තුල ජනප්‍රිය නොවිය හැකි මෙම නාගරික ප්‍රබුද්ධ වටිනාකම් වෙනුවෙන් පෙනීසිටීම යනු අප ජීවිත කාලයක් පුරා සිදුකල මහන්සියක් – ජීවිත කාලයක් පුරා දුටු සිහිනයක් යථාර්තයක් බවට පත්වීමකි.

මෙම වර්ධනය යනු එම වටිනාකම් වල සිටියා යැයි කියන රනිල් පවා සතුටුවිය යුතු කරුණකි. දේශපාලන ව්‍යාපෘතියක සහය නොලැබූ නිසා ඔහුට කරගත නොහැකි වුවද හෝ යහපාලන ව්‍යාපෘතිය තිබියදී පවා ඔහු එය නොකලා වුවද මාලිමාව එය කිරීමට උත්සාහ කරමින් සිටී.

එය ලාංකික සමාජය තව අඩියක් ඉහළට ඔසවා තැබීමකි. වෙනත් ගමනාන්තයක් වෙත ගමන්කිරීම ආරම්භකිරීමකි.

ළමුන්ට ශාරීරික දඬුවම් පැමිණවීම තහනම් කිරීම ඉන් එකකි. මෙය වැඩිහිටියන් සහ ගුරුවරුන්ගෙන් ළමයා සම්බන්ද පාලනය ගිලිහීමක් ලෙස ඇතැමුන් දකියි. ඇත්තටම යුරෝ දාර්ශනික තත්වයක් ඇතුලේ සිදුවිය යුත්තේ ද එයයි. දෙමව්පිය කැමැත්තේ සහ ගුරුවරුන්ගේ කැමැත්තේ අර්ථය (meaningful content) සහ ළමයාගේ අරමුණු සහ ගමන්මාර්ගයේ පරස්පර බව පිළිබද කතිකාවක් මේ වනවිට යුරෝපයේ ඇතිවෙමින් ඇත. එය මුලික නිදහස පිළිබද ගැටළුවකි.

ළමුන්ට ලිංගික අධ්‍යාපනයක් දීමද හොඳ දෙයකි.

LGBTQ+ පිළිබද ප්‍රශ්නයට මෙවැනිම ආකෘතියක් ගනී. විශේෂයෙන් මේ ඔස්සේ පවුල සහ ආධිපත්‍ය (සහ ධූරාවලිය) ප්‍රශ්න කිරීමකට ලක්වෙයි. මෙය අනන්‍යතා ප්‍රශ්නයක් වුවද ප්‍රසිද්ධ දක්ෂිනාංශික මතයට වෙනස් මතයක් වාම ලිබරල් කඳවුර දරයි. සිනහවට කරුණ නම් මින් පෙර යහපාලන යුගයේ මේ සම්බන්දයෙන් ධනාත්මක මතයක සිටි අයද දැන් එයට විරුද්ධ මතයක් දැරීමයි. සහ ඔවුන් ධූරාවලිය පැත්තට ගමන්කිරීමයි.

ඇත්ත වශයෙන් අප සිටගත යුත්තේ ධූරාවලිය පැත්තේ නොව පුද්ගල ගමන් මාර්ගයේ පැත්තේ බව මගේ මතයයි. ධූරාවලිය පැත්තේ සිටගැනීමට සම්ප්‍රදායවාදීන් සිටියි.

LGBTQ+ හරහා සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමද අපට විරුද්ධ වියහැකි දෙයක් නොවේ. එතැනදී අප සිටගත යුත්තේ කාදිනල් සමඟ හෝ මහනායක හිමිවරුන් මේ දෙස බලන කෝණය පැත්තේ නොවන බව මගේ මතයයි. අනුර මෙය බැලන්ස් කිරීම දේශපාලන දෙයක් වුවද මතවාදී තලයක අප LGBTQ සඳහා විරුද්ධවීම මට තේරුම්ගත නොහැක.

විශේෂයෙන් වාර්ගික ප්‍රශ්නයෙන් පීඩා විඳි රටක මාලිමාවේ බහු සංස්කෘතික ප්‍රවේශය මිනිස් ආත්මය යම් මට්ටමකට හෝ සුවපත්කරන සුළුය.

දේශපාලනික ලෙස ගත්විට වලදමා තිබූ ඝාතන ගැන සෙවීම කිසිසේත්ම මම දෙකේ කොලයට දමන්නේ නැහැ. ඒවා සැබවින්ම සිදුවිය යුතු දේවල්ය. විශේෂයෙන් දේශපාලන පදනමක් නොතිබූ තනිකරම පුද්ගලික හේතුමත ඝාතනය වූ තජුඩීන් පැරණි ඝාතන සංස්කෘතියේ උත්කෘෂ්ටම ක්ෂිතිමය වස්තුව ලෙස මම විශ්වාස කරමි. එයද ආත්මීය සුවපත් කිරීමකි.

එනයින් මගේ මතවාදී සහයෝගය ගැඹුරු අර්ථයෙන් මෙම ආණ්ඩුවට ලැබෙනු ඇත. එහෙත් පිස්සු කෙලින තැන්වලදී විවේචනයේ අයිතිය මා සතුව තබාගමි.

නමුත් මෙම නාගරික ප්‍රබුද්ධ වටිනාකම් යටිනුවර ප්‍රාදේශීය සභාව හරහා හමා නොයනු ඇති බව මගේ විශ්වාසයයි. ඔවුන් ජීවිතය සහ රට ගැන තීරණගන්නේ වෙනත් තැනක සිට බව අප මතක තබාගත යුතුය. ලංකාවේ පොළොව තවමත් ග්‍රාමීය බව අප අමතක කලයුතු නැත.

නමුත් ලංකාවේ මිනිස්සු එක්තරා නිමේෂයක මාලිමාව නම් දේශපාලන ව්‍යාපාරය විශ්වාස කර ඇත. ඒ මාලිමාවේ නොවන පිරිසක් මාලිමාව සමඟ සම්මුතිගත වීමෙනි. ඒ සම්මුතිය එසේම පවත්වා ගැනීම කොතරම් කාලයකටදැයි මම දන්නේ නැත.

යම් ආණ්ඩුවක ප්‍රබුද්ධ හෝ නාගරික බව මණිනුයේ ඔවුන්ගේ භාෂා හැකියාව හෝ ටයිකෝට් වලින්ද නොවේ. බිග්කුච්චන් හෝ වෙනත් දේවල් එතරම් ගණන්ගත යුතු දේවල් නොවේ.

තව කොටස් කිහිපයක් පසුව ලියමි.

මහේෂ් හපුගොඩ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

21 මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භ සටහන් කරවනවා – ගම්මන්පිල

කොළඹ LNW: මහා වැසි වැස්සත්, මහා සුළං හැමුවත්, ආණ්ඩුව...

වියට්නාමය සහ උතුරු පළාත අතර සහයෝගීතාව වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වියට්නාම්...

රැලියට කලින්ම මාලිමාව තංගල්ලේ අයවැය පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි තංගල්ල නගර සභාවේ මංගල...

මිනිස් ජාවාරමට වරදකරු වූ පිලිපීන නගරාධිපතිනියට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීන පුරවැසියෙකු ලෙස...