මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW :

මාතර දිසා අපරාධ කොට්ඨාසය විසින් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ. ඒ, හබරාදූව, බද්දේගම සහ මිදිගම පොලිස් වසම්වලදීය.

පොලීසිය පැවසුවේ, සැකකරුවන් සන්තකයේ තිබී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 05යි ග්‍රෑම් 600ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලි ග්‍රෑම් 800ක් සොයා ගත් බවයි. හබරාදුව, හරුමල්ගොඩ ප්‍රදේශයේදී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 03යි ග්‍රෑම් 200ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 800ක් සමග පළමුව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔහු හබරාදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එම සැකකරුගෙන් අනාවරණ වූ තොරතුරු මත කොග්ගල සහ බද්දේගම ප්‍රදේශවලදී තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

ඔවුන් සන්තකයේ තිබී ප්‍රදේශයේදී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02යි ග්‍රෑම් 250ක් සොයාගෙන තිබෙනවා. එම සැකකරුවන්ගෙන් අනාවරණ වූ තොරතුරු මත මිදිගම ප්‍රදේශයේදී හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 150ක් සමග තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. ඔවුන් බද්දේගම, කොග්ගල හා හබරාදුව ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දුම්රිය වැඩවර්ජනය ඇරඹේ. කාර්යාල දුම්රිය ක්‍රියාත්මක බව දෙපාර්තමේන්තුව කියයි

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරෙන් ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...