ශානි ඇතුළු තිදෙනාගේ පෙත්සම් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර!

කොළඹ LNW: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂකවරුන් වන සුදත් මෙන්ඩිස් සහ එච්.ඩී.එම් ප්‍රේමතිලක විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සන් තුනක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) අවසර ලබා දී තිබේ.

2020 වසරේ කිසිදු සාධාරණ සැකයක් නොමැතිව කොළඹ අපරාධ කොට්ඨාශය මඟින් තමන්ව අත්අඩංගුවට ගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ඔවුන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් තීරණය දැනුම් දෙමින් එම අවසරය ලබා දී ඇත.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව මහින්ද සමයවර්ධන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...