දිප්පිටියාලාගේ ගැඹුර පෙන්වීම

Date:

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 11, කොළඹ LNW:

ආණ්ඩුවේ හුඟක් තැන්වලදි ඒ ඒ දේශපාලකයන් පිටුපස නිවැරදි දත්ත සහ තොරතුරු දෙන්න කෙනෙක් නැති බව පේනවා.ක්‍රීඩා අමාත්‍යවරයාගේ අදහස්වලදිත් එහෙමයි.එතුමා වැඩ කරද්දි විශ්වාස කරන්නෙ හුඟක් වෙලාවට දිප්පිටියා මට්ටමේ මිනිස්සු.ඒ අය ඟඟේ ගැඹුර පෙන්නන්නෙ තමන්ට වාසි විදිහට.දික්තලාව පැහැරගෙන යන්න තියෙන උවමනාවට.දවසක ඟඟට පැනලා බැලුවම තමයි හරි ගැඹුරු තැන් තේරෙන්නෙ.


ටර්කිමෙනිස්තානය ශ්‍රී ලංකාවට පැරදුණාම කවුරු හරි දිප්පිටි උපදේශකයට අනුව ඇමතිතුමා ශ්‍රේණිගත කිරීම් ගැන තමන්ගේ ෆෙස්බුක් එකේ සටහනක් දාලා.ඒකෙ හැටියට ශ්‍රී ලංකාව ඉන්නෙ 191 වන තැන.ඒත් ඇත්තම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව ඉන්නෙ 197 වන තැන.මේක 2025 ඔක්තෝම්බර් 23 වන දා දක්වා වලංගු ශ්‍රේණිගත කිරීමයි.


එම ශ්‍රේණිගත කිරීම්වල දී ශ්‍රී ලංකාව 197 යන තඅන ඉන්නේ ස්ථානයක් පහළට ඇවිත්.ඒ ඇත්ත වගේම ටර්කිමෙනිස්තානය 138 ඉන්නෙ ස්ථාන දෙකක් ඉහළට ඇවිත්.ස්ථානයක් පහළට බැහැපු ටීම් එකක් විදිහට ස්ථාන දෙකක් ඉහළ ඇවිත් ඉන්න තමන්ට වඩා විශාල වශයෙන් ඉදිරියෙන් ඉන්න ටීම් එකක් පරාජය කිරීම තමයි ශ්‍රී ලංකාව මේ තරගයේදී පෙන්වපු විශ්මයජනක විශිෂ්ඨත්වය.අපි ඒකට සුබ පතමින් සහ අගය කරමින් ලියපු සටහන පහතින් අතරනවා.අපට ඒ ජයග්‍රහණ ගැන ගෞරවයක් තියෙනවා.ඒත් රටේ ක්‍රීඩා ඇමාත්‍යවරයා හරි තොරතුරු නැතුව සිය සමාජ මාධ්‍ය ඇතුළෙ දක්වන අදහස්වලින් රටේ ක්‍රීඩාව පාලනය කරන ආණ්ඩුවේ නියෝජිතයගේ අවබෝධය පෙන්නුම් කරන එක හොඳ නැහැ.


හැබැයි ඉතිං එතුමට මොනම විදිහකට හරි ජනාධිපතිවරයගෙ කැමත්ත තියෙන නිසා සංශෝධනවලට අහුනොවී ඉන්න පුළුවන්.සමහර පත්වීම් වෙන්නෙත් අමාත්‍ය කාර්ය මණ්ඩලයට පවා ජනාධිපති කාර්ය මණ්ඩලයෙ අයගෙන් එන නියෝග සහ ඉල්ලීම් මතයි.ක්‍රීඩා අමාත්‍යවරයා තමන්ගේ උපදේශක සභාව පත් කරගන්නත් හරි පුද්ගලයො ගැන හිතමින් ඉද්දි ඒකට හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය පත් කරපු අයවම නැවත පත් කරන්න වුණේ ඇයි ද කියන කාරණයත් පැහැදිළියි.


මේ කාරණා මොනව වුණත් ලංකාව ටර්කිමෙනිස්තානයට එරෙහිව ලබපු ජයනම් විශිෂ්ඨයි.අපි දයාපරන්ගෙ තීරණාත්මක වැළක්වීමත් එක්කම ඒ ගැන ලියා තිබෙනවා.රටේ ජයග්‍රහණ ගැන මොන කේෂ්ත්‍රයකින් සමීප වුණත් අප ඉතාමත් සතුටට පත් වෙනවා.එම ජයග්‍රහණය ගැන අප තැබූ සටහනට මෙතනින් පිවිසිය හැකියි.
https://sinhala.lankanewsweb.net/10/10/207937/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Sri Lanka Economic Summit 2025 දෙසැම්බර් 2 සහ 3 යන දිනවලදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW : දෙසැම්බර් 2 සහ...

“වසරේ ගෝලීය වෙළඳ නාමය”බ්‍රවුන්ස් SUMO WORLD රන් සම්මානයෙන් පිදුම් ලබයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW : බ්‍රවුන්ස් කෘෂිකර්මාන්තය මෑතකදී...

දෑස නොපෙණුනත් ක්‍රිකට්වලින් ලෝකය ජය ගත හැකියි – 0714098507 හෝ 0773589997 දුරකථන අංක අමතන්න

නිශ්මං රණසිංහ නොවැම්බර් 26, කොළඹ LNW: වැඩි පෙණුමක් නැතුව වැඩි...

පරිසරය වෙනුවෙන් ගත් හොඳම තීරණයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW : " ධර්ම සුගන්ධ...