එක්සත් රාජධානියේ කීර්තිමත් විශ්ව විද්‍යාල තුනක් ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළම 10 අතරට

0
288

සටහන: සශිකලා මධුෂාණි

ඔක්තෝබර් 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : 2025 ටයිම්ස් උසස් අධ්‍යාපන ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම්වල ඉහලම 10 අතරට එක්සත් රාජධානියේ කීර්තිමත් විශ්ව විද්‍යාල තුනක් පැමිණ ඇති බව වාර්තා වේ.

ඒ අනුව, අඛණ්ඩව 10 වන වසරටත් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය පළමු ස්ථානයට පැමිණ ඇති අතර තුන්වන ස්ථානයට කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය හා අටවන ස්ථානයට ලන්ඩන් ඉම්පීරියල් කොලේජ් පැමිණ තිබේ.

සමස්තයක් වශයෙන්, එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාල 11 ක් ටයිම්ස් උසස් අධ්‍යාපන (THE) විසින් කරන ලද ලොව පුරා ඉහළම 100 අතරට පැමිණ ඇත.

UK universities in the THE top 100

1.University of Oxford – 1st

2.University of Cambridge – joint 3rd

3.Imperial College London – 8th

4.UCL – 22nd

5.University of Edinburgh – 29th

6.King’s College London – 38th

7.London School of Economics and Political Science – 52nd

8.University of Manchester – 56th

9.University of Bristol – joint 80th

10.University of Glasgow – 84th

11.University of Birmingham – joint 98th

ශ්‍රේණිගත කිරීම්වලට ඉගැන්වීමේ කීර්තිය, පර්යේෂණ කීර්තිය සහ ශක්තිය සහ ආයතනික, පර්යේෂණ සහ කර්මාන්ත ආදායම වැනි සාධක ඇතුළත්වන අතර විශ්ව විද්‍යාල 30,000 කට වැඩි සංඛ්‍යාවක දත්ත විශ්ලේෂණය මත මෙලෙස ශ්‍රේණිගත කර ඇත.

මෙම ශ්‍රේණිගත කිරීම් වල THE හි ගෝලීය ඉහළම 10 න් ඉතිරි කොටස සම්පූර්ණයෙන්ම ඇමරිකානු විශ්ව විද්‍යාල වලින් සමන්විත වන අතර මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනය දෙවන ස්ථානයට පත්වන අතර ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලය කේම්බ්‍රිජ් සමඟ ඒකාබද්ධව තෙවන ස්ථානයට පත්වේ. ඒ අනුව, ඉහළම 30 න් වැඩි ප්‍රමාණයක් එක්සත් ජනපදය ද ආධිපත්‍යය දරා ඇත.