රෆා දේශසීමාව හරහා සහ ඊජිප්තුව හරහා ආධාර ට්‍රක් රථ විශාල ප්‍රමාණයක් ඉදිරියටම!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):


මේවන විට දකුණු ගාසා තීරයේ රෆා දේශසීමාව හරහා සහ ඊජිප්තුව හරහා ආධාර ට්‍රක් රථ විශාල ප්‍රමාණයක් පැමිණෙමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ , ඊශ්‍රායලය සහ ගාසා තිරය අතර ඇති කරගත් සටන් විරාමයත් සමගයි.

ආධාර නිලධාරීන් පවසා ඇත්තේ, අද (12) උදැසන සිට ඊජිප්තුව රෆා හරස් මාර්ගයේ ආධාර පටවාගත් ට්‍රක් රථ 200ක් ගාසා තීරයට ඇතුළු වීමට සූදානම් ව සිටි බවයි ආධාර නිලධාරීන් පවසා ඇත්තේ.

ආධාර ලොරි ගාසා තීරයට තවමත් ඇතුළු වී නොමැති බවත්, දිනපතා භූමියට ඇතුළු වන්නේ ලොරි දෙක තුනක් පමණක් බව, ලෝක ආහාර වැඩසටහන පැවසුවේය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. පලස්තීන භූමියේ සටන් විරාමය ක්‍රියාත්මක වූ දා සිට දකුණු ගාසා තීරයට ට්‍රක් රථ කීයක් ඇතුළු වී ඇත්දැයි තවමත් පැහැදිලි නොමැති බවයි.

කුසගින්නෙන් පෙළෙන මිලියන සංඛ්‍යාත පලස්තීන ජනතාව පෝෂණය කිරීම සඳහා දිනකට අවම ට්‍රක් රථ 500ත් 600ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වන බව එක්සත් ජාතීන්ගේ මානුෂීය නිලධාරීන් සදහන් කර ඇත.

කෙසේවෙතත් අද උදැසන සිට ඊජිප්තුව රාෆා හරස් මාර්ගයේ ආධාර පටවාගත් ට්‍රක් රථ 200ක් තීරුවට ඇතුළු වීමට සූදානම්ව සිටි බව ආධාර නිලධාරීන් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත.

අද දින ගාසා තීරයට ඇතුළු වූ පළමු ට්‍රක් රථ හතර රෝහල් සහ ලවණ ඉවත් කිරීමේ කම්හල් සඳහා ඉන්ධන රැගෙන ගිය බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායල විරෝධතා මත ආධාර බෙදා හැරීම ප්‍රමාද වීම හේතුවෙන් ගාසා තීරයට යැවූ සමහර ආහාර සැපයුම් නරක් වීමට පටන් ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

එක්සත් ජාතීන්ගේ මානුෂීය නිලධාරීන්, ආධාර කණ්ඩායම් සහ සෞඛ්‍ය නිලධාරීන් ඊශ්‍රායලයෙන් අයැද සිටියේ ගාසා තීරයට අත්‍යවශ්‍ය ආහාර, ඉන්ධන සහ වෛද්‍ය සැපයුම් බෙදා හැරීමට ඉඩ දෙන ලෙසයි. එසේ කිරීමට අපොහොසත් වුවහොත් එම ප්‍රදේශය මහා සාගතයකට ඇද දැමිය හැකි බවටද ඔවුන් අනතුරු අඟවා තිබුණු බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉම්රාන් ඛාන් ඝාතනය කර ඇති බවට පතිරයන් කටකතා අසත්‍ය බව ආඩියාලා බන්ධනාගාරය කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 27: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : පකිස්ථානයේ...

හොංකොංහි මහල් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නක් හේතුවෙන් 44ක් මියගොස් 279ක් අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 27: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : හොංකොංහි...

බදුල්ලේ නායයෑම්වලින් 4 දෙනෙකු මරුට. 9 දෙනෙකු අතුරුදන් !

සටහන - රුවන් නෙළුගොල්ල පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් බදුල්ල...

අද (27) සහ හෙට (28) අ.පො.ස. උසස් පෙළ විභාගය නොපැවැත්වේ !

සටහන - රුවන් නෙළුගොල්ල අද (27) සහ හෙට (28) අ.පො.ස....