BREAKING NEWS : ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ?

Date:

ගනේමුල්ලේ සංජීව නමැති පාතාල නායකයාව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඇය ඇතුළු 5 දෙනෙකු මෙසේ නේපාල පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බවත් එම පස්දෙනා අතර කෙහෙල්බද්දර පද්මේ නමැති පාතාල නායකයාගේ සමීපතමයකු ද සිටින බවත් සඳහන්.

අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ විත්තු කූඩුවක් තුළ ගනේමුල්ලේ සංජීව නමැත්තාට වෙඩිතබා ඝාතනය කිරීම සඳහා ආධාර අනුබල ලබාදුන් ප්‍රධාන සැකකාරිය වූ පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නැමති 25 හැවිරිදි කාන්තාව එම ඝාතනය සිදුවූ 2025 පෙබරවාරි 19 දිනයේ සිටම සැඟව සිටි අතර ඇය රටින් පළාගොස් ඇතැයි පසුව සැක පහළ වී තිබිණි.

ඉෂාරා සෙව්වන්දිට සැඟව සිටීම සඳහා ආධාර දුන් බවට චෝදනා කරමින් ඇයගේ මව සහ සහෝදරයා ද පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණු අතර පසුගිය ජුලි 11 වනදා ඇගේ මව හෘදයාබාධයක් හේතුවෙන් වැලිකඩ බන්ධනාගාරයේදී මරණයට පත්ව ද තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හානිය 25000 වුණත් ලක්ෂ 5 දෙනවා. ඒක රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් – ඇමති විජේපාල

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානි සිදුවූ...

මේකෙන් මුදල් නාස්ති වීමක් වෙලා නෑ. එක මොඩියුලයයි නෙ – මන්ත්‍රී සුරවීර

සටහන - රුවන් නෙළුගොල්ල නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී ආණ්ඩුව එක් පියවරක්...

NPP ලේබලයෙන් ගෙනෙන රනිල් – ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්ති එපා – කොටුවේ විරෝධතාවක් (PHOTOS)

කොළඹ LNW:NPP ලේබලයෙන් ගෙනෙන රනිල් - ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්තිය...

Your Shot Challenge හි හොඳම ඡායාරූප කිහිපයක්! ඇස් වලින් දැක, විඳින්න.

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ඉඳහිට හිතට අල්ලන...