වසර 48කට පසු මිස් යුනිවර්ස් විවාහක රූ රැජින කිරුළ ඉන්දියාවේ ෂෙරී සිං දිනාගනියි

සටහන: සශිකලා මධුෂාණි

ඔක්තෝබර් 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වසර 48 කට පසු ඉන්දියාවේ ෂෙරී සිං මිස් යුනිවර්ස් විවාහක රූ රැජින කිරුළ දිනාගෙන තිබේ.

පිලිපීනයේ මැනිලා හි ඔකාඩා හි පැවති 48 වන තරඟාවලියේදී ඇය ලොව පුරා කාන්තාවන් 120 කට අධික සංඛ්‍යාවක් සමඟ තරඟ කර කිරුළ දිනාගෙන ඇත.

විලාසිතා පිළිබඳ ශාස්ත්‍රපති උපාධිදාරිනියක්, හිටපු ජාතික මට්ටමේ පැසිපන්දු ක්‍රීඩිකාවක් සහ යෝග්‍යතා උපදේශකවරියක් වන ෂෙරී සිං වසර නවයක් විවාහ වී සිටින සහ කුඩා පුතෙකුගේ මවකි. සිය ජයග්‍රහණයෙන් අනතුරුව ෂෙරී සිං සඳහන් කර තිබුණේ, මෙම ජයග්‍රහණය මගේ පමණක් නොවේ, එය සීමාවන් ඉක්මවා සිහින දැකීමට එඩිතර වූ සෑම කාන්තාවකටම අයත්වන බවයි.

අවසාන මහා තරඟයේදී බාහිර සුන්දරත්වයට වඩා බුද්ධිය, අනුකම්පාව සහ සමාජ වගකීම් සම්බන්ධයෙන් ජුරිය අවධානය යොමුකර තිබු අතර  ෂෙරී සිං වසර ගණනාවක් පුරා ඉන්දියාවේ අඩු වරප්‍රසාද ලත් පසුබිම්වල ගැහැණු ළමයින් සඳහා අධ්‍යාපනයට සහාය දක්වන බහු සංවිධාන සමඟ එක්ව කටයුතු කිරීම ජූරියේ ප්‍රශංසාවට ලක් වී තිබිණ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අංගුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී ගංජා සමඟ බන්ධනාගාර නිලධාරියෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : අංගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ 'හදිසි...

පැනමා රජය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පැනමාවේ ඇති...

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ ආදර්ශ ගම්මාන සැලසුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW : මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය...

කැරපොත්තන් දිල්ලිය වටලයි! අගනුවරට දැඩි ආරක්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: ඉන්දියාවේ ප්‍රධාන...