වසර 48කට පසු මිස් යුනිවර්ස් විවාහක රූ රැජින කිරුළ ඉන්දියාවේ ෂෙරී සිං දිනාගනියි

Date:

සටහන: සශිකලා මධුෂාණි

ඔක්තෝබර් 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වසර 48 කට පසු ඉන්දියාවේ ෂෙරී සිං මිස් යුනිවර්ස් විවාහක රූ රැජින කිරුළ දිනාගෙන තිබේ.

පිලිපීනයේ මැනිලා හි ඔකාඩා හි පැවති 48 වන තරඟාවලියේදී ඇය ලොව පුරා කාන්තාවන් 120 කට අධික සංඛ්‍යාවක් සමඟ තරඟ කර කිරුළ දිනාගෙන ඇත.

විලාසිතා පිළිබඳ ශාස්ත්‍රපති උපාධිදාරිනියක්, හිටපු ජාතික මට්ටමේ පැසිපන්දු ක්‍රීඩිකාවක් සහ යෝග්‍යතා උපදේශකවරියක් වන ෂෙරී සිං වසර නවයක් විවාහ වී සිටින සහ කුඩා පුතෙකුගේ මවකි. සිය ජයග්‍රහණයෙන් අනතුරුව ෂෙරී සිං සඳහන් කර තිබුණේ, මෙම ජයග්‍රහණය මගේ පමණක් නොවේ, එය සීමාවන් ඉක්මවා සිහින දැකීමට එඩිතර වූ සෑම කාන්තාවකටම අයත්වන බවයි.

අවසාන මහා තරඟයේදී බාහිර සුන්දරත්වයට වඩා බුද්ධිය, අනුකම්පාව සහ සමාජ වගකීම් සම්බන්ධයෙන් ජුරිය අවධානය යොමුකර තිබු අතර  ෂෙරී සිං වසර ගණනාවක් පුරා ඉන්දියාවේ අඩු වරප්‍රසාද ලත් පසුබිම්වල ගැහැණු ළමයින් සඳහා අධ්‍යාපනයට සහාය දක්වන බහු සංවිධාන සමඟ එක්ව කටයුතු කිරීම ජූරියේ ප්‍රශංසාවට ලක් වී තිබිණ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

NPP ලේබලයෙන් ගෙනෙන රනිල් – ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්ති එපා – කොටුවේ විරෝධතාවක් (PHOTOS)

කොළඹ LNW:NPP ලේබලයෙන් ගෙනෙන රනිල් - ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්තිය...

Your Shot Challenge හි හොඳම ඡායාරූප කිහිපයක්! ඇස් වලින් දැක, විඳින්න.

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ඉඳහිට හිතට අල්ලන...

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...

ආනයනික කිරිපිටි මිල පහතට!

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...