බදු අඩු කළාට ක්ෂණිකව බඩුමිල අඩුවෙන්නෙ නෑ, රජයට පුළුවන් දේ තමයි කළේ – වෙළඳ ඇමති බන්දුල

Date:

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ සම්පූර්ණයෙන්ම බදුවලින් නිදහස් කිරීමට රජය තීරණය කළත් වෙළඳපොලේ බඩුමිල ක්ෂණිකව අඩුවීමක් සිදු නොවන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ප්‍රශ්නය – ඇමතිතුමා, මේ බදු සහන ලබාදීම නිසා බඩුමිල අඩුවීමක් වෙයි නේද ?

“ක්ෂණිකව වෙන්නෙ නෑ, ක්ෂණිකව වෙන්නෙ නෑ … ඒ කියන්නෙ ඒ භාණ්ඩ ගේන්න ඕනෙ අලුතින්. දැන් ගෙනාපු ඒවා ටික වෙළඳපොලේ තියෙනවා නෙ. නිදහස් කරගන්න ඒවාට එහෙම ක්‍රමානුකූලව අඩුවෙයි ඉතින්. රජය පැත්තෙන් කරන්න පුළුවන් දේ තමයි කරලා තියෙන්නෙ උපරිමයෙන්”

ප්‍රශ්නය – එතකොට මිල පාලනයට මොකක්හරි කටයුත්තක් කරනවාද ?

“නෑ, නෑ …”

වෙළඳ අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (04) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල්ගේ ලන්ඩන් නඩුව: අධිකරණයේ සිදුවූ දේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශන...

සති 11 ගෙවෙද්දි සීආර් ඉදිරියෙන් වුණාට කිරුළේ හිමිකාරිත්වය තවමත් විවෘතයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...

රනිල් කොටුව අධිකරණයට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රුපියල් ලක්ෂ 166ක මහජන දේපල අවභාවිතා කිරීමේ...

නාමල් කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය සිද්ධරාමයියා හමුවෙයි..

රෂිකා හෙන්නායක ජනාවාරි 28, කොළඹ LNW : අද (28)දින...