ට්‍රම්ප් ලොක්කාගේ රාජකීයත්වය පරයා ගිය ළමා මානසිකත්වය!

Date:

සටහන – පුලී

ඔක්තෝබර් 20, කොළඹ (LNW): ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔටුන්නක් පැළඳ සිටින ප්‍රහාරක ගුවන් නියමුවෙකු ලෙස දුඹුරු පැහැති මඩ වැනි දියරයක් බෝම්බ හෙළන අන්දමින් විරෝධතාකරුවන්ට එල්ල කරන ආකාරය දැක්වෙන AI-ජනනය කරන ලද වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.

ඇමරිකානුවන් මිලියන ගණනක් තම රජයේ ප්‍රතිපත්තිවලට එරෙහිව “King Trump” විරෝධතාවල යෙදෙන අතරතුර, “King Trump” යන වාක්‍ය ඛණ්ඩය සහිත ප්‍රහාරක ජෙට් යානයක නැගී සිටින ට්‍රම්ප් ගේ මෙම වීඩියෝව ඔහු තම සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පළ කළේ, ඌරාගේ මාළු ඌරාගේම ඇගේ තියා කපන විලාසයෙනි.

ඔහුගේ Truth සමාජ මාධ්‍ය වේදිකාවේ සහ නිල ධවල මන්දිර සන්නිවේදන X ගිණුමේ පළ කරන ලද මෙම වීඩියෝවෙහි, ට්‍රම්ප්පච්චි කොළ පැහැති හමුදා ජම්ප් සූට් එකක් සහ මැණික් ඔබ්බවන ලද රන් ඔටුන්නක් පැළඳ නිව්යෝර්ක් නගරයට ඉහළින් ජෙට් යානයක පියාසර කරයි.

Kenny Loggins ගේ “Danger Zone” ගීතය පසුබිම් සංගීතයට යොදා ගනිමින්, ජෙට් යානය සැකයකින් තොරව “No Kings” විරෝධතාකරුවන්ට මළපහ හෝ මඩ මෙන් පෙනෙන දියරයක් සමඟ ටයිම්ස් චතුරශ්‍රය හරහා ගමන් කරමින් බෝම්බ හෙළයි.

ට්‍රම්ප්ගේ වැඩෙන ඒකාධිපතිවාදය ලෙස ඔවුන් දුටු දෙයට එරෙහිව
ඉකුත් සෙනසුරාදා පැවති “No Kings” විරෝධතාවලට එක්සත් ජනපදය පුරා මිලියන හතකට අධික ජනතාවක් සහභාගී වූහ.

මන්ත්‍රී මණ්ඩල කථානායක මයික් ජොන්සන් ඇතුළු ජ්‍යෙෂ්ඨ රිපබ්ලිකන් පුද්ගලයින් සාමකාමී විරෝධතා ඇමරිකාව පුරා වෛරය වපුරන රැලි ලෙස සමච්චලයට ලක් කර ඇති අතර විරෝධතාකරුවන් ඇන්ටිෆා සමඟ සම්බන්ධ බවට ද චෝදනා කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...