බදුල්ල ශික්ෂණ රෝහලේ නැවතුණු සංව­ර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කරනවා – ඇමැති නලින්ද

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW :

බදුල්ල ශික්ෂණ රෝහලේ පසු­ගිය කාල­යේදී ඉදි­ක­ර­මින් සිට නවතා දමා ඇති මහා­චාර්ය ඒකක සහිත දස මහල් ගොඩ­නැ­ඟිල්ල ඇතුළු සංව­ර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරී­මට එක්වෙමින්, බදුල්ල ශික්ෂණ රෝහල නවී­න­තම තාක්ෂ­ණික ක්‍රම­වේ­ද­යන්හි දියු­ණු­වක් සහි­තව රෝගී ආර­ක්ෂණ මුල­පි­රීම්, පුළුල් පරා­ස­යක ඉහළ ගුණා­ත්මක විශේ­ෂිත සෞඛ්‍ය සේවා­වන් සැප­යීම සිදු කරන තෘතී­යික සත්කාර සප­යන රෝහ­ලක් ලෙස සංවර්ධනය කරන බව සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.

ඌව පළාතේ මිලි­යන 1.5කට අධික ජන­තා­ව­කට සහ අවට ප්‍රදේශ රැසක ජන­තා­වට තෘතී­යික මට්ටමේ විශේ­ෂඥ සත්කාර ලබා­දෙ­මින් රෝගී කේන්ද්‍රීය සෞඛ්‍ය සේවා­වක් සප­යන බදුල්ල ශික්ෂණ රෝහල සංව­ර්ධ­න­යෙන් විශාල ජන­තා­ව­කට සේවා­වක් ලබා­දී­මට හැකි වී තිබේ. රෝහල් පරි­ශ්‍රයේ විශේෂ නිරී­ක්ෂ­ණ­යක නිරත වූ සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැ­ති­ව­ර­යාගේ විශේෂ අව­ධා­නය යොමු වී තිබෙන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 157කින් සම්මතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : 2026 අයවැය තෙවන...

ගෙදර නාය ගියා කියද්දී බිත්තිත් ගියාද අහන්න එපා. රට ගොඩගන්න ඕනේ නම් වැඩේට බහින්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ව්‍යසනය ගැන තවදුරටත්...

ගංවතුරට හසු වූ මුදල් නෝට්ටු ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මාර්ගෝපදේශ මාලාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා මහ බැංකුව...