ජපානයේත් පැවැත්වුණු කඨින පුණ්‍ය මහෝත්සවය!

Date:

කොළඹ LNW:ජපානයේ සවරා ලංකාජී විහාරයේ කඨින පුණ්‍ය මහෝත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය.

හතළිස් දෙවැනි වරටත් සංවිධානය කරන ලද ජපානයේ ප්‍රථම ථෙරවාදී බෞද්ධ විහාරස්ථානය වූ සවරා ලංකාජී විහාරයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය පසුගියදා,ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි.

ටෝකියෝ හි පදිංචි දිනේෂ් ශානක මහතා සහ එම මහත්මියගේ පූර්ණ දායකත්වයෙන් ජපානයේ පදිංචි ශ්‍රී ලාංකික බෞද්ධ බැතිමතුන්ගේ සහ ජපන් බෞද්ධ ජනතාවගේ දායකත්වයෙන් මෙවර ලංකා ජී විහාරයේ පැවති කඨින පුණ්‍ය මහෝත්සවයට සමගාමීව කඨින චීවර පෙරහැර, කඨින චීවරය පඬු පෙවීම, සපිරිකර සංඝගත දක්ෂිණාව, පරිත්‍රාන ධර්ම දේශනාව, කඨිනානිසංස ධර්ම දේශනාව,අටවිසි ගිලන්පස බුද්ධ පූජාව සහ දන්සැල් ඇතුළු ආගමික වතාවත් රැසක් පැවැත් වූ බව ලංකා ජී විහාරවාසි කොස්වත්තේ පාලිත හිමියෝ පවසති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නඩු දාන්නෙ කොහෙද? සුරේෂ් ජස්වර්ගෙන් අසයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ජස්වර් උමාර් පාපන්දු සම්මේලන...

ජර්මනිය සහ ලක්සම්බර්ග් විසින් යුරෝ මිලියන 5,000 ක ආපදා ආධාර රැගෙන දිවයිනට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) අලුයම...

අඳුරගන්න ම බැරි අඳුරක

අඳුරටමං කැමතිකවි කැලැත්තෙන හින්දයිඅඳුරගන්නම බැරි. ගන්න ඔයකවි රොඩුබොඩුඅහකටඇහිපිලි නඟන මැසිවිලිකරදරයි...

බාල ඖෂධ : ඉන්දියානු හොර ගිවිසුම් ගැන අපි කළ අනතුරු හැඟවීම් අද යතාර්ථයක් වෙලා – පුබුදු ජයගොඩ

සටහන - රුවන් නෙළුගොල්ල Maan Pharmaceuticals Ltd නම් ඉන්දියානු සමාගම...