රට ලොක්ඩවුන් කරන්න තරං අර්බුදයක් නෑ – ඇමති හරීන්

Date:

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රටතුළ අත්‍යවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක කිරීමට ඊයේ පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කළේය. ඒ අනුව සෞඛ්‍ය, ප්‍රවාහන, ආරක්ෂක සේවා, කෘෂිකාර්මික කටයුතු ඇතුළු සේවා පමණක් ක්‍රියාත්මක වන අතර මෙම තීරණය ජුලි මස 10 වැනිදා දක්වා බලපැවැත්වේ.

කැබිනට් රැස්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ මෙය කිසිසේත්ම රට වසාදැමීමක් නොවන බවයි. රට වසාදැමීමට තරම් අර්බුදයක් රටතුළ නොමැති බවත්, දැනට රටතුළ තිබෙන සීමිත ඉන්ධන තොග ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙම තීරණයට එළඹි බවත් ඔහු සඳහන් කරනවා.

එසේම මෙවැනි පියවරක් අනුගමනය කරන්නේ, ජුලි 10 වැනිදා සිට රට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමේ පෙර සූදානමක් ලෙස බවද ඇමතිවරයා ප්‍රකාශ කරනවා.

ජනතාව ඔවුන් ජීවත් වන ප්‍රදේශ තුළම රඳවා ගැනීම මේ හරහා සිදුවන බවත් ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ ලඟම ඇති වෙළඳසලෙන්, ෆාමසියෙන් මිලදී ගතහැකි බවත් හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෘජු විදේශ ආයෝජන වල කැපී පෙනෙන වර්ධනයක්!

රෂිකා හෙන්නායක ජූනි 20, කොළඹ LNW : අද (20) පෙරවරුවේ...

බලාපොරොත්තු සියල්ල මොහොතකට අතැර බොහෝ පිරිස් සමුදෙන ඊශ්‍රායලය!

රෂිකා හෙන්නායක ජූනි 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):  මේ දිනවල...

ශ්‍රී ලංකාවේ සමලිංගික ප්‍රජාවට එරෙහි නීති ඉවත් කිරීමේ පොරොන්දුවට යුරෝපා පාර්ලිමේන්තුවේ ප්‍රසාදය!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ සමලිංගික ප්‍රජාවට එරෙහිව පවතින නීති ඉවත්...