*
Friday, April 19, 2024
spot_img

Latest Posts

නවසීලන්තය හෝදා දැමූ නවසීලන්ත ක්‍රීඩකයො

එංගලන්තය ලෝක ක්‍රිකට් සූරතාවය දිනා ගනිද්දී ඒ සඳහා උපරිම දායකත්වය ලබා දුන්නේ බෙන් ස්ටෝක් ය.ඔහු අප්‍රතිහත ධෛර්යෙන් එංගලන්ත ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ ආකාරය ප්‍රශස්තය.මීට පෙර අවස්ථාවක 20/20 ලෝක කුසලානය දිනා ගැනීමට තිබුණු අවස්ථාවක් තමන් විසින් යැවූ අවසන් පන්දු ඕවරයේදී සුනු – විසුණු කර දැමූ බෙන් ස්ටොක් එක්දින ලෝක කුසලානය එංගන්තයට දිනා දෙන්නට කණ්ඩායමේ වැඩිම දායකත්වය දැරූ ක්‍රීඩකයා විය.
නමුත් බෙන් එංගලන්ත ජාතිකයෙකු නොවේය.එංගලන්තය ලෝක කුසලාන අවසාන මහා තරගයේදි පරාජයට පත් කළ නවසීලන්තයේ ඉපැදි අයෙක්ය.උපතින් නවසීලන්ත ජාතිකයෙක්ය.ඔහුගේ පියා රගර් පුහුණුකරුවෙක් හැටියට එංගලන්තයට සංක්‍රමණය විමෙන් අනතුරුව එංගලන්තයට සින්න වෙන බෙන්ගේ හැකියාවට ඉඩ හදාගන්න ඔහු එංගලන්තයේ ඉපිද නොතිබීම ප්‍රශ්නයක් වූයේ නැත.සිය රටට ජයග්‍රහණය ගෙන ආ හැකි හොඳම පිරිස මිස ඔවුන්ගේ උප්පත්තිය,ජාතිය,ආගම ආදිය සොයා අරගල කරන ග්‍රෝත්‍රික මට්ටම පසු කර තිබෙන නිසා එංගලන්තය දින විය හැකි පිරිසක් සොයා ගැනීම එරට ක්‍රිකට් බලධාරීන්ට අපහසු නැත.කුමන ක්‍රීඩාවේ වුව ද,කුමන විෂයේ වුව ද රට ජයග්‍රහණය කරවන එකාගේ පැටිකිරිය සොයා ලතවෙන්න යාම වෙනුවට තමන් ජීවත්වන රට ජයග්‍රහණය කිරීම ගැන එංගලන්ත ජාතිකයෝ බොහෝ දෙනෙක් සතුටු වෙති.අතරින් පතර තමන්ගේ උපන් රටේ ආගම සහ ජාතිය බේරා ගන්නට කියා මිනිස්සු අවුස්සන අය ද සීමිත පිරිසක් එහිද ඇත.
අද වන විට බෙන් එංගලන්තයේ නායකයා ය.ජෝ රූට් මද අසාර්ථකවීමකින් පසුව නායකත්වය අත හැර ගියේය.එතැනට පත් වූ බෙන් ට නව පුහුණුකරුවෙක්ද ලැබිණ.ඔහු ද නවසීලන්ත ජාතිකයෙක්ය.බ්‍රෙන්ඩන් මැකලම් නම් වූ ඔහු මෑතක් වන තුරුම ක්‍රීඩක අවදියේ සිටි ප්‍රහාරාත්මක පිතිකරුවෙක්ය.1999 වසරේදී ශ්‍රී ලංකාවේ පැවති අවුරුදු 19 න් පහළ ලෝක කුසලානයට ජෙම්ස් ෆ්‍රෑන්ක්ලින්ගේ නායකත්වයෙන් පැමිණි නවසීලන්ත කණ්ඩායමට සිය සහෝදර නේදන් මැකලම් සමඟ එකතු වී සිටි බ්‍රෙන්ඩන් මැකලම් පසුව නවසීලන්තයට නැතුවම බැරි ප්‍රහාරකයෙක් විය.නේදන් ද නවසීලන්තයට ක්‍රීඩා කළ අතර ඔවුන්ගේ පියා ද නවසීලන්තයේ පළමු පෙළ තරඟවලට සහභාගි වූ පිතිකරුවෙක්ය.
මැකලම් තවමත් ක්‍රීඩා කළ හැකි මට්ටමේ ක්‍රීඩකයෙක්ය.එක දිගට අසාර්ථකවීම් නැතුව ඔහු දක්ෂයෙක් හැටියට සමු ගැනීමට බුද්ධිමත් වූ අයෙක්ය.එංගලන්ත සංචිතයේ දැනටත් ඔහුට ආසන්න වයසේ ක්‍රීඩකයන් සිටින අතර බ්‍රෙන්ඩන්ට තවමත් වයස අවුරුදු 40 ක් පමණි.
බ්‍රෙන්ඩන් සහ බෙන් මුසුව නවසීලන්තයට එරෙහිව තරඟ 3 – 0 ක් ලෙස ටෙස්ට් තරගාවලි පරාජයක් අත් කර දෙන්නට සමත් වී ඇත.එය ටෙස්ට් ක්‍රිකට් තරග රටාව සපුරා වෙනස් කළ තරගාවලියක් ලෙස බොහෝ විචාරකයෝ දකිති.ඒ එංගලන්ත කණ්ඩායම ලකුණු ලබා ගන්නා වේගය නිසාය.ආසන්නම උදාහරණයට නවසීලන්තය පරාජය කරමින් එංගලන්තය ජය ගත් තෙවන ටෙස්ට් තරඟය සළකා බලද්දී එංගලන්තය ඉණිම දෙකේදීම ලකුණු රැස් කර ඇත්තේ පන්දු ඕවරයකට ලකුණු 5 ට වැඩි ලකුණු වේගයක් තබා ගනිමින්ය.
එම තරගයේ දී ජයග්‍රහණය කිරීමට නොහැකි නමුත් ලකුණු පූවරුව දුටු විට නවසීලන්තයේ ලකුණු රැස කිරීම තරගය ජය පරාජයෙන් තොරව කෙළවර කර ගන්නට ප්‍රමානවත් මට්ටමේ එකක් ය.නවසීලන්තය පළමු ඉණිමට ලකුණු 329 ක් ලබා ගන්නා අතර දෙවන ඉණිමට ලකුණු 326 ක් ලබා ගන්නේය.එංගලන්තය පළමු ඉණිමේ 360 ක් ලබා දෙවන ඉණිමේ කඩුලු 3 ට 296 ක් රැස් කරන්නේය.තරගයේ රැස් කර ඇති මුළු ලකුණු ප්‍රමාණය 1291 කි.දින පහේ අවසාන භාගයට එන්නත් පෙර තරගයේ තීරණය ලැබෙන්නේ බ්‍රෙන්ඩන් මැකලම් කණ්ඩායමට එකතු කර තිබෙන අලුත් රිද්මය සහ විශ්වාසය නිසාය.
වඩාත්ම පැහැදිළිව මේ තත්ත්වය ගැන අවබෝධයක් ගන්නට හොඳම උදාහරණය වන්නේ දෙවන ටෙස්ට් තරගයය.නවසීලන්තය පළමු ඉණිමට ලකුණු 553 ක් ලබා ගන්නේය.එංගලන්තය ඕවරයකට 4.20 ක වේගයක් රඳවා ගෙන ලකුණු 539 ක් ලබා ගන්නේය.නවසීල්නත දෙවන ඉණිම ලකුණු 284 ට සීමා කර ජයග්‍රාහි ඉලක්කය වන ලකුණු 299 සඳහා එංගලන්තය පිවිසෙන්නේ කඩුලු පහක් පමණක් දැවී පන්දු ඕවරයකට ලකුණු 6 ට (5.98) ආසන්න වේගයක් රඳවා ගනිමින්ය.තරඟයේ මුළු ලකුණු එකතුව 1675 කි.මෙවැනි ලකුණු එකතුවකින් නිරූපණය වන්නේම ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව කෙළවර වීමේ හැඩයක් වුව එංගලන්තය බෙන්ගේ නායකත්වය සහ බ්‍රෙන්ඩන් මැකලම් ගේ මඟ පෙන්වීම මත වෙනස් කරමින් සිටින්නේ ටෙස්ට් සංස්කෘතිය ය.
නවසීලන්ත ජාතිකයින් වන බෙන්ගේ සහ බ්‍රෙන්ඩන්ගේ සැළසුම් හමුවේ දිය වී ගිය නවසීලන්ත බලාපොරොත්තු ගැන තැවුණ ද,එය ලෝක ටෙස්ට් සංස්කෘතියට අලුතින් එකතු වන විලාසිතාවක්ය.එහි හැඩය ඉක්මණින් පාලනය කරන්නට සෙසු කණ්ඩායම්වල සැළසුම් දුප්පත් වුවහොත් එංගලන්ත කණ්ඩායමේ ටෙස්ට් ජයග්‍රහණ අඛණ්ඩව සෙසු කණ්ඩායම්වල අභිමානය චණ්ඩ මාරුතයකට හසු කර ගනිමින් ගමන් කරනු නොවැළක්විය හැකි කරුණක් වනු ඇත.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan