දුර්දාන්ත ආණ්ඩුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කැරැල්ලක් ආරම්භ කරනවා – සජිත්

Date:

ආණ්ඩුව රට තල්ලුකරගෙන ගොස් ඇත්තේ බරපතල ඛේදවාචකයක් වෙත බවත් මීට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කැරැල්ලක් නිර්මාණය කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ උදෙසා වූ දැවැන්ත දේශපාලන ප්‍රවාහයක් ගොඩනැගීම වෙනුවෙන් සියළු පක්ෂ සමඟ සාකච්ඡා කරන බව පැවසූ විපක්ෂ නායකතුමා මේ මහා ජනතා අරගලය ආණ්ඩුව පන්නා දමන තුරු අවසන් නොකරන බවද පැවසීය.

පවත්නා අර්බුදකාරී තත්ත්වය අබියස රට ගොඩනැගීම පිළිබදව මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂ සමග සාකච්ඡා මාලාවක් ආරම්භ කිරීමට තීරණය කළ අතර එහි පළමු අදියර අද (28) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී ආරම්භ විය.

ඒ අනුව,නවලංකා නිදහස් පක්ෂය,පුරවැසි පෙරමුණ, එක්සත් වාමාංශික පෙරමුණ, අපේ ජනබල පක්ෂය, යන දේශපාලන පක්ෂ නියෝජනය කරමින් එහි නියෝජිතයින් මේ අවස්ථාවට එක් වූහ.

ආණ්ඩුවේ අත්‍යාවශ්‍ය සේවාව වන්නේ ජනාධිපති අගමැති, මැති ඇමති පුටු ආරක්ෂා කරගැනීම පමණක් බවත් එවන් තත්ත්වයක් තුළ රටේ ජනතාව අප්‍රමාණ පීඩාවන් වලින් දුක් විදින බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

වැඩ බැරි ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවත් එවිට මේ රට ගොඩනගන ආණ්ඩුවක් සමගි ජන බලවේගය විසින් පිහිටුවන බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...

එක්සත් ජනපද සහ රුසියානු ජනාධිපතිවරුන් එකඟතාවයකින් තොරව ඇලස්කාවෙන් පිටව යාමත් සමඟ සෙලෙන්ස්කි වොෂින්ටන් බලා පියාසර කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සමබන්ධයෙන්...