ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කම් දෙකක්

Date:

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 25,  කොළඹ LNW:

බහරේන් හී ඉසා නගරය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක තෙවන යොවුන් ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් ඇරඹී දෙවන දිනය නිමාවන විට ශ්‍රී ලංකාවට තවත් පදක්කම් දෙකක් එකතු කරන්නට ශානුක කොස්තා සහ චතුර දුලාංජන සමත් වුණා.ඒ අනුව මේ වන විට රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් තුනක් සමඟ ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 13 වන තැන පසුවෙනවා.


මීගමුව ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබන ශානුක මීටර් 400 ඉසව්ව තත්පර 47.72 න් නිමා කරමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුණා.චතුර දුලාංජන මීටර් 62.51 ට කවපෙත්ත වීසි කරමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර ඔහු මාතලේ කැප්පෙටිපොළ වීර පරාක්‍රම ද්වීතියික විද්‍යාලයේ සිසුවෙකු වෙනවා.
මේ අතර අද කිලෝ ග්‍රෑම් 46 බර පංතියෙන් චීන තායිපේ ක්‍රීඩකයෙකු සමඟ බොක්සිං ගැටුමක නියැලි හොරණ විද්‍යාරත්න විද්‍යාලයේ බිනුල් දුලන්ද තීරක තීරණ 5-0 ක් ලෙස පහසු ජයක් හිමි කර ගන්නට සමත් වුණා.
එසේම බාලක බාලිකා බාස්කට් බෝල් කණ්ඩායම් ද අද දිනයේ සහභාගි වූ තරගවලදී එක් තරගය බැඟින් පරාජය ලැබුව ද,ඉහළ දස්කම් දක්වන්නට සමත් වුණා.බාලිකා කණ්ඩායම තරග තුනක් ද,බාලක කණ්ඩායම තරග දෙකක් ද ජය ගන්නට සමත් වුණා.


ගොල්ෆ් ක්‍රීඩිකා කායා දළුවත්ත ද අද දවසේ බාලිකා කේවල ඉසව්වේ දී දෙවැන්නිය ලෙස තරගය නිමා කරමින් කැපී පෙණුනා.ඇය පළමු දිනයේ ද ඉදිරියෙන් සිටිය බැවින් එම ඉසව්වේ අවසාන දවස වන හෙට දිනයේ දී කායා ට වැදගත් වගකිමක් සහිතව තරග වඳින්නට වෙනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...

‘ඓතිහාසික’ ජයග්‍රහණයෙන් පසු බදු කප්පාදු ඉටු කිරීමට ජපානයේ Takaichi ප්‍රතිඥා දෙයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ පැවති...

මහනුවර පෙරමුණ රැක ගනියි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...