ට්‍රම්ප් තමා කෝපයට පත්කළ වෙළඳ දැන්වීමක් හේතුවෙන් කැනඩාව සඳහා තීරුබදු 10%කින් ඉහල නංවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

ඔක්තෝබර් 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කැනේඩියානු රජය විසින් අනුග්‍රහය දක්වන ලද තීරුබදු විරෝධී වෙළඳ දැන්වීමකට පළිගැනීමක් වශයෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කැනේඩියානු රජයට එරෙහිව තීරුබදු 10%කින් ඉහල දමා ඇති බව වාර්තා වේ.

නිදහස් වෙළඳාම සමබන්ධයෙන් රොනල්ඩ් රේගන්ගේ සහයෝගය සඳහන් කර එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ කෝපය අවුස්සන ලද මෙම වෙළඳ දැන්වීම කැනේඩියානු ඔන්ටාරියෝ පළාතේ රජය විසින් ප්‍රචාරය කරන ලද අතර මෙහි වෙළඳ බාධක සෑම ඇමරිකානු සේවකයෙකුටම රිදවන” බව හිටපු ජනාධිපති රේගන් විසින් 1987 කරන ලද කතාවක උපුටා දක්වා ඇත.

සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය වේදිකාවේ ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර තිබුණේ, කැනඩාවේ එකම අරමුණ ඇමරිකා එක්සත් ජනපදයට රිදවීම බවත්, කරුණු බරපතල වැරදි සහිතව ඉදිරිපත් කිරීම හේතුවෙන් ඔවුන් දැන් ගෙවන මුදලට වඩා 10% කින් තීරුබදු වැඩි කරන බවත්ය.

කෙසේ නමුත් මෙම නව තීරුබදු කුමන භාණ්ඩවලට බලපානු ඇත්දැයි වහාම පැහැදිලි නොවන අතර ඔන්ටාරියෝ අගමැති ඩග් ෆෝඩ් සිකුරාදා පැවසුවේ වෙළඳ සාකච්ඡා නැවත විවෘත කිරීමේ උත්සාහයක් ලෙස අගමැති මාර්ක් කාර්නි සමඟ සාකච්ඡා කිරීමෙන් පසු මෙම වෙළඳ දැන්වීම අත්හිටුවන ලද බවයි.

ජනාධිපති ට්‍රම්ප් පරිපාලනය පසුගිය අගෝස්තු මාසයේ USMCA මගින් ආවරණය නොවන කැනේඩියානු භාණ්ඩ සඳහා 35% ක තීරුබදු පැනවීම කැනඩාවේ ආර්ථිකය පීඩාවට පත්ව ඇති අතර මේවන විට එක්සත් ජනපද ජනාදිපති ට්‍රම්ප් සහ කැනේඩියානු අග්‍රාමත්‍ය මාර්ක් කාර්නි දෙදෙනාම මැලේසියාවේ පැවැත්වෙන අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ (ආසියාන්) සමුළුවට සහභාගී සිටින නමුත් ජනාධිපති ට්‍රම්ප් වාර්තාකරුවන්ට ප්‍රකාශ කර තිබුණේ, කැනේඩියානු නායකයා හමුවීමට තමාට කිසිදු සැලසුමක් නොමැති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...