මහ වැසි සමඟ දුම්බර නකල්ස් කඳුකරයේ දිය ඇලි රැසක් හැඩවේ!

Date:

කොළඹ LNW:මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වැසි සමඟ මධ්‍යම කඳුකරයේ නකල්ස් ආශ්‍රිත දිය ඇළි රැසක් මේ වන විට සක්‍රීය තත්ත්වයට පත්ව තිබේ.

දුම්බර නකල්ස් රක්ෂිතයේ සිට ගලා බසින එම දිය ඇලි අලංකාර අයුරින් හැඩ වී ඇති අතර ඒ අතර වැඩිම දිය ඇලි ප්‍රමාණයක් පිහිටා ඇත්තේ පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ය.

හුළුගඟ නගර මධ්‍යයෙන් ගලා බසින හුළු ගග දිය ඇල්ල මේ වන විට වඩාත් සක්‍රීය වී ඇති අතර නගරය ආසන්නයේ පිහිටා ඇති නිසාම එය නැරඹීම සඳහා සැලකිය යුතු පිරිසක් පැමිණේ.

ඹබරැල්ල, ගෝමරය යන ප්‍රදේශවල ද අලංකාර දිය ඇලි කිහිපයක් පිහිටා තිබේ.

ජෝඩු ඇල්ල ද මේ වන විට දියෙන් පිරී ගලා බසින අතර ගල් තලාවක් මතින් දිය ඇලි දෙකක් වශයෙන් ඇද හැලෙන නිසා ජෝඩු ඇල්ල වශයෙන් එය හැදිවේ. සුළග සමඟ මීදුම සාරියක සේලය මෙන් විහිදී යන නිසා සාරි ඇල්ල යනුවෙන් හදුන්වන දිය ඇල්ලද සක්‍රීය තත්ත්වයෙන් පවතී.

ගෝමරය ලෙබනන් ඇල්ල සහ හුළුගග තාලය වැටුණු ඇල්ල ද ජලයෙන් පිරී අලංකාර අයුරින් ගලා බසිනු දැකිය හැකිවේ.

පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇති අලංකාර මෙම දිය ඇලි නැරඹීම සඳහා සංචාරකයන් පැමිණෙන බැවින් දිය පහර ඉහළ යාම සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස බලධාරීන් මහජනයාගෙන් ඉල්ලා සිටියි.

ජෝඩු ඇල්ල

සාරි ඇල්ල

තැලිය වැටුණු ඇල්ල

ලෙබනන් ඇල්ල

හුළු ගඟ ඇල්ල

නදීක දයා බණ්ඩාර -මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...

ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ධනපති ජිම්ලායිට 20 වසරක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු...

ජපානයේ අගමැති ටකයිචිට මැතිවරණයෙන් දැවැන්ත ජයක්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ මන්ත්‍රී මණ්ඩල...

සෝන්ඩර්ස් නොසිතූ අතරතැබ්බයකට මුහුණ දී ගැලවෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මෙවර චැම්පියන්ස් කුසලාන ලීග්...