පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් 3,500ක් දිවයිනට!

කොළඹ LNW:දේශීය වෙළෙඳ පොළේ පවතින කීරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස මේ වන විට පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් 3,500ක ප්‍රමාණයක් දිවයිනට ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කරයි.

පසුගිය 23 වනදා එහි පළමු තොගය දිවයිනට පැමිණ ඇති අතර ඊට අමතරව පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා යන දින තුළ ද ආනයනික පොන්නි සම්බා සහල් තොගයක් මෙරටට රැගෙන විත් තිබේ.

දේශීය වෙළෙඳ පොළේ පවතින කීරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස පසුගිය 15 වනදා සිට ජී.ආර් 11 පොන්නි සම්බා සහල් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබුණි.

ඒ අනුව ආනයනකරුවන්ට ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාවෙන් නිදහස් කිරීමට රජය පියවර ගත් අතර ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ නිර්දේශ මත පදනම්ව එක් ආනයනකරුවකුට එහිදී මෙට්‍රික්ටොන් 520ක උපරිමයකට යටත්ව සහල් ආනයනයට අවසර ලබා දෙන ලදී.

මෙරට ඇස්තමේන්තුගත වාර්ෂික සහල් පරිභෝජනය මෙට්‍රික්ටොන් ලක්ෂ 24ක් පමණ වන අතර එයින් වාර්ෂික කීරි සම්බා පරිභෝජනය මෙට්‍රික්ටොන් ලක්ෂ 2ක් පමණ වන බව දැක්වෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාර්ග සංවර්ධන අධිකාරියෙන් මහජනතාවට නිවේදනයක්!

කොළඹ LNW:නව කැළණි පාලම සහ වරාය පිවිසුම් ගුවන් අධිවේගී...

STF ජීප් රථයක් දුම්රියක ගැටීමෙන් නිලධාරීන් 4ක් රෝහලට!

කොළඹ LNW:වැලිගම, මිදිගම ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී පොලිස් විශේෂ...

ගංජා කිලෝ 43ක් සමඟ සුරාබදු නිලධාරීන් දෙදෙනෙක් ඇතුළු සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:මෝටර් රථයකින් වියළි ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි...

අයවැයට එරෙහි අද විරෝධතාවට අපි නෑ – පිස්කල්වරුන්ගේ සංගමය සහ ලඝුලේඛක සංගමය කියයි

2027 අයවැයට එරෙහිව වෘත්තීය සමිති රැසක් විසින් අද (23)...