විපක්ෂයේ ඒකාබද්ධ රැළිය ගැන සජබෙ බෙදුණු මතයක්?

0
331

කොළඹ LNW: විපක්ෂය ඒකාබද්ධව එළඹෙන නොවැම්බර් 25 වැනිදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත රැළියට සමඟි ජන බලවේගය සහභාගී වීම සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බව වාර්තා වෙයි.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට වසරක් සැපිරෙන එළඹෙන නොවැම්බරයේ ආණ්ඩුවේ වැඩපිළිවෙලට විරෝධය දක්වමින් ඒකාබද්ධ විපක්ෂය ලෙස රැළිය පැවැත්වීමට තීරණය කර ඇත.

එහෙත් සමඟි ජන බලවේගය පොදු විපක්ෂයේ වේදිකාව වෙනුවට සිය ප්‍රතිපත්ති මත පිහිටා ගමන් කළ යුතු බවටත් අත්‍යවශ්‍ය මොහොතකදී එකට එක්ව කටයුතු කළ යුතු බවටත් වන සාකච්ජාවක් ආරම්භ වී ඇති බව සඳහන්.

මෙම විපක්ෂයේ විරෝධතා රැලිය පිළිබඳව සමඟි ජන බලවේගයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක එස්.එම්. මරික්කර් මහතාද පවසා තිබුණේ ”සමඟි ජන බලවේගය සහභාගී වෙන්නේ නෑ ඒකට. අපි අපේ දේශපාලනයක අපේ ප්‍රතිපත්තියකට අපි යන්නේ. ඔක්කොම මාධ්‍යට කිය කිය කරන්නේ නෑනේ. අපි ඒකට යන්නේ නෑ මම එතනින් එහාට ඒකට උත්තර දෙන්නත් කැමති නෑ.” යනුවෙනි.

එහෙත් මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මාධ්‍ය වෙත පවසා තිබුණේ තවමත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

සමඟි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව කටයුතු කිරීම සඳහා කළමනාකරණ කමිටුවේ මෙන්ම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබුණද ඕඩූආ විපක්ෂයක් ලෙස කටයුතු කිරීම ගැන නිශ්චිත අදහසක් දක්වා නොතිබුණි.

ආශිකා බ්‍රාහ්මණ