ජඩා දකුණු ඉන්දියානු චිත්‍රපටයකි.ඒය සාමාන්‍යයෙන් දකුණු ඉන්දියානු වානිජ චිත්‍රපටවල තියෙන වට්ටෝරුව අඩු වැඩි වශයෙන් පෙනෙන්නට තිබෙන බැරෑරුම් නොවන සරල චිත්‍රපටයකි.නමුත් ඒහි කතා තේමාව වැඩි අවධානයක් නැති ක්‍රීඩාවට අදාළව පාපන්දු පාළකයන්ගේ දුෂ්ඨකම සහ ආත්මාර්ථකාමී බව පදනම් කරගෙන සිඳු කරන හිරිකිත සහ අමානුෂික ක්‍රියාවන් මතු කර පෙන්වන්නකි
තිර රචකයා සහ අධ්‍යක්ෂවරයා මේ දේ කියා පෑම සඳහා වට්ටෝරු සිනමාවේ ගති ලක්ෂණ සොයා ගනිමින් චිත්‍රපටයේ සිටින පාපන්දු ක්‍රීඩකයෙක්ගේ කිසිඳු විශ්වසනීය ගති ලක්ෂණයක් නොපෙන්වන විකට නළුවෙක් සේ ප්‍රකට යෝගි බාබු පවා යොදා ගනියි.ඒසේම මිත්‍යාවන් සම්බන්ධ විශ්වාසයන් දැඩිව දරන තරුණ කොටසක් මතු කරන සහ හොල්මන් මඟින් අපරාධ සහ අපරාධකරුවන් හඳුන්වා දෙන මට්ටමට සිනමාපටය විශ්වාසයෙන් පහත හෙළා ඇත.අවසානයේ පිපිරීමක් සහ ගින්නක් නිසා ජීවිතය අහිමි වන බල්ලෙක්ම අපරාධකරුවා ඝාතනය කරන තැනට ගෙන ඒම ද යම් කිසි මට්ටමකට අභව්‍යය වුවත් ඒ සිඳුවීම් හරහා සාකච්ඡාවට භාජනය කරන පාපන්දු පරිපාලනයේ කතාව අවිශ්වාස කරන්නට නොහැකි මට්ටමේ එකක්ය.
පාපන්දු පාලකයා වන දනී ගේ මෙහෙයවීම මත පවත්වන සත් සාමාජික පාපන්දු තරගාවලිය සම්පූර්ණයෙන්ම සූදුවක්ය.ඒය කුමන හෝ ජඩ ක්‍රම භාවිතා කරමින් ජය ගැනීම සූදුවෙන් මුදල් උපයා ගැනීම පදනම් කර ගත් දනීගේම සම්බන්ධතාවය ඇති එකකි.මේ නිසා සදාකාලිකව පා බිදී අනතුරුවලට ලක් වී පාපන්දු ක්‍රීඩාව අහිමි වූ දක්ෂයෝ සිටිති.
“දනී” සිය තරගාවලියට මේ සූඳුව ප්‍රිය නොකරන සේතු නම් දක්ෂ පාපන්දු පුහුණුකරුවාව සහභාගි කරවා ගන්නේ ඔහුට විවිධ අන්දමේ බලපෑම් ඇති කරමින්ය.සේතු අභියෝගයට මුහුණ දිමට ඉදිරිපත් වන අතර ඔහු තරගයට කැඳවන්නට “දනී” සැළසුම් අඳින්නේ එහිදී ඔහු මරා දමන්නටය.ඊට හේතුව අවංක සහ දක්ෂ පුහුණුකරුවෙක් වූ සේතුට දනී විසින් කරන ලද බලපෑම් නොසළකා සිය දනි ගේ පුතා කණ්ඩායමට ඇතුළත් කරනොගෙන සැබෑ දක්ෂයා ඇතුළත් කර ගැනීමය.සිය තනතුර අව භාවිතා කර ද ඊට පහළින් සිටින අය ඊට අවනතව වැඩ කළ යුතු බව සිතන මුග්ධ සහ පුහු අහංකාරයෙන් පිරි අපරාධ සඳහා ගිජු දනී කරන්නේ ඒම තරගයක් ඇතුළත සේතුගේ පපුවට පාපන්දුවෙන් පහරක් වැදෙන්න සළස්වා ඔහුට එම අසිරු අවස්ථාවේ ග්ලූකෝස් ලෙස වස කවා ඝාතනය කිරීමය.නමුත් මතු පිටෙන් වස ගැන සැකයක් ඇති නොවන අතර සියල්ලන් සිතන්නේ පාපන්දුව වේගයෙන් පපුවේ වැදීම නිසා සේතු මිය ගිය බවය.
සේතු මියයන විට කුඩා ජඩා සේතුගේ ගෝලයෙක්ය.සේතු ද දැඩිව ඇළුම් කළ දක්ෂයෙක් වූ ජඩා ට සේතු වස කෑ බව නොදන්නා නමුත් ඒය මරා දැමීමක් බව වැටහෙන්නේය.වසර 10 ක් තිස්සේ තහනම් කර තිබූ දිනාගේ පාපන්දු තරගාවලිය යළි ඇරඹෙන විට ජඩා තරුණය.ඔහුට සේතු වෙනුවෙන් තරඟ කරන්නට අවශ්‍යය වුව ද,ඒ වන විට රැකියාවක් පවා පාපන්දුව නිසාම ලැබෙන්නට නියමිත ඒ හරහා ඉදිරි නියෝජනයක් ඇති ජඩා මේ තරගාවලියට ක්‍රීඩා කරනවාට ඔහුගේ පුහුණුකරු ඉලංගෝ කැමති නැත.නමුත් අවසානයේ ඉලංගෝ ම මැදිහත් වී දීනා සත් සාමාජික තරගාවලියට කණ්ඩායමක් යොමු කරන අතර ඒය අතරමඟ නැවතත් පොලිසිය තරගාවලිය නවතා දමන අතර ඉන් අනතුරුව අවසාන පූර්ව තරඟ සහ අවසන් තරග පැවත්වීමට ඉලංගෝ විසින් සේතුගේ ගම යෝජනා කරන අතර දිනා එයට එකඟ වෙන්නට සිඳු වෙයි.
චිත්‍රපටය හොල්මන් සාගරයක් බවට පත් වන්නේ එතැන් පටන්ය.ඒ හොල්මන් මතින් ලැබෙන සාක්ෂිවලින් සේතු මියගිය හැටිත්,ඉන් අනතුරුව සේතුගේ බිරිඳ සහ දියණිය ද නිවසේ සිටි බල්ලා ද මරා දැමීමට දීනා කටයුතු කළ බවත් හෙළි වන්නේය.දීනාගේ කණ්ඩායමේ අනීතික බලපෑම් හමුවේ සටන් වඳින ජඩාගේ කණ්ඩායම තරගාවලියේ සූරතාවය දිනා ගන්නා අතර ජඩා සේතු වෙනුවෙන් පෙනී සිටින,සටන්කාමී පාපන්දු නායකයෙක් වුව හොල්මන්වලට ඔහුත් ඔහුගේ සඟයෝත් අසීමිත ලෙස බය ය.නිර්භීත තරුණ කණ්ඩායමක් හෝ තරුණයෙක් ඒ තරමට බය වේ යැයි නොසිතිය හැකි තරමට බය මතු කර පෙන්වන අතර අවසානයේ හොල්මන් හරහා මරණ සියල්ලටම වගකිවයුත්තා ලෙස දීනා හදුනාගෙන ජඩා ඔහුට පහර දෙන්නේය.
තරුණ ජවය සහිත පාපන්දු ක්‍රීඩකයෙක් වූ ජඩා හා මැදිවිය ඉක්මවා සිටින දීනා අතර ගැටුමෙන් හෙම්බත්ව වැටී සිටින දීනාව මරා දමන්නේ මියගිය බල්ලාගේ හොල්මනය.
මේ ගෙතීම අභව්‍ය කාරණා බොහොමයකින් යුක්තය.නමුත් එක දෙයක් ඇත.ඒ පාපන්දු ක්‍රීඩාවේ අසාධාරණ තේරිම් මෙන්ම ගලායන බලධාරියාගේ තීරණයට එකඟ නොවීමෙන් ජීවිතය පවා අහිමි විය හැකි බවට වන සාධකය බැහැර කළ නොහැකිය.මෙය වෙනත් ක්‍රීඩාවලට ද අදාළය.දක්ෂයා වෙනුවට පාලකයාගේ ලැබැඳියාව වැදගත් වූ අවස්ථා ගැන කතා බොහෝ වෙති.මේ මොහොත වන විටත් මෑත කාලයේ ශ්‍රී ලංකාවට කීර්තියක් උපයා දුන් පාපන්දු ක්‍රීඩක වසීම් රාසික් ප්‍රමුඛව ශ්‍රී ලංකාවට විදේශයන්හී ක්‍රීඩා කරමින් සිට සම්බන්ධ වූ ක්‍රීඩකයින් තිහිප දෙනෙකුටම පාපන්දු පරිපාලනය පල නොකියා පලා බෙදමින් ඇත.ඒ වෙනුවට විදේශයන්ට සම්බන්ධ තවත් ක්‍රීඩකයින් සොයා අත වනමින් සිටිති.නමුත් දකුණු ආසියාතික පාපන්දු පාලකයාගේ දුප්පත් ඔළු ගෙඩි ක්‍රීඩකයාගේ වෘත්තීයභාවයට නමනු වෙනුවට පාලකයාගේ බලය ඉදිරියේ දන ගසා තබා ගැනීම අපේක්ෂාවය.එය ක්‍රීඩකයාට පමණක් නොව,ක්‍රීඩා පුහුණුකරුවාගේ සිට ක්‍රීඩාවට සම්බන්ධ සියල්ලටම අදාළ ය.ඇතැම් තේරිම් කමිටු යනු සභාපතිවරයාගේ රුචිකත්වයට අත්සන් තබන කමිටුය.මේ තත්ත්වය නිසා ඉන්දියාවේ පමණක් නොවේ ශ්‍රී ලංකාවේ ගත්ත ද තත්ත්වයේ වැඩි වෙනසක් නැත.
ඒ නිසාම ක්‍රීඩාවේ නියැලෙන්නන් “ජඩා” බැලීම වටින්නේය.සමහරුන්ට තමන්ම වුව ජඩා ලෙස දැනෙන්නට ඉඩ ඇත.තමන්ගේ හෘද සාක්ෂිය ජඩා කියන්නේ මනෝමය වශයෙන් නිර්මාණය කර ගත් දෙයක් නොවන බව දැනෙනු ඇත.ඒම කෘතියම වුව වෙනත් රංගන ශිල්පීන් යොදා ගත්තානම් තව හොඳින් දැනෙන්නට තිබුණු බව විශ්වාස කළ හැකිය.ජඩා ට රඟන කදීර් හෝ ඇයගේ පෙම්වතිය ලෙස රඟන රෝශිනි ප්‍රකාශ් ද ඉහළ රංගනයක් ඉදිරිපත් කරන බවක් නොපෙනේ.යෝගි බාබු ඒම චරිතයට භාහිරෙන් ගැලපෙන්නේ නැති වුව ද,ඔහුගේ අත්දැකීම් යොදා ගෙන වෙනස් යමක් මතු කර ගන්නට අධ්‍යක්ෂ කුමාරන්ට හැකි වී නැත.සේතුගේ චරිතයට පන පොවන කිෂොර් කුමාර් තමන්ට ලැබී ඇති සීමාව තුළ හොඳ රංගනයක් ඉදිරිපත් කරන්නේ සෙස්සන් තව දුරටත් අසාර්ථක බවට පැහැදිළි කරමින්ය.මෑතක දී දිවි සැරිය නිමා කළ අරන් ඇලෙක්සැන්ඩර් ද ඉලංගෝ ලෙස තමන්ගේ චරිතයට පන පොවද්දී විශාල සාධාරණයක් කර තිබෙන බව පිළිගත යුතුය.
ක්‍රීඩාව සම්බන්ධයෙන් මතු පිටින් නොපෙනෙන ඛේදවාචකය කතා කරන්නට “කුමරන්” ගත් උත්සාහය අගය කළ යුතුය.ඔහු තෝරාගත් තේමාව මානව ශරීරයේ අපූර්ව හැකියාවන් සඳහා සුදුසුකම මත නිසි වටිනාකමක් ලබා නොදෙන මාෆියා පාලන ව්‍යහුයක් සම්බන්ධයෙන් කියා පෑමකි.එය උතුරු චෙන්නායි ඉක්මවා දකුණු ආසියාවටමත්,සමහර විට තුන්වන ලෝකයේ දිළිඳුකම සහ නුගත්කම පිරුණු සෑම රටකටමත් පොදු වන්නට ද හැකිය.පාපන්දුවටම සීමා නොවී ශ්‍රී ලංකාවේ බොහෝ ක්‍රීඩා දක්ෂයන්ගේ කතාවම මරා නොදැමුණ ද නොමරා මැරීම් වන අවස්ථා බහුලය.
RM