කෘත්‍රිම බුද්ධිය සමඟ එක්කාසු වෙන්නට යන තාක්ෂණික දැවැන්තයා – Amazon

සටහන – පුලී

ඔක්තෝම්බර් 29, කොළඹ (LNW): කෘත්‍රිම බුද්ධිය (AI) මගින් සපයනු ලබන අවස්ථාවන් ප්‍රයෝජනයට ගැනීම සඳහා කුඩා ප්‍රමාණයකින් සංවිධානය විය යුතු බව පවසමින් Amazon රැකියා දහස් ගණනක් කපා හැරීමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම තාක්ෂණික දැවැන්තයා ඉකුත් අඟහරුවාදා ප්‍රකාශ කළේ තම ගෝලීය ආයතනික ශ්‍රම බලකාය ආසන්න වශයෙන් එහි භූමිකාවන් 14,000 කින් පමණ අඩු කරන බවයි.

එහිදී සේවකයින් 30,000 ක් පමණ සේවයෙන් පහ කිරීමට සැලසුම් කරන බව මීට පෙර වාර්තාවල සඳහන් විය.

මෙම පියවර මගින් සමාගම තවත් ශක්තිමත් කරන බවත්, ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ගේ වර්තමාන සහ අනාගත අවශ්‍යතා සඳහා වඩාත්ම වැදගත් දෑ සඳහා ආයෝජනය කරන බව සහතික කරන බවත් Amazon සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිනි බෙත් ගැලෙට්ටි කාර්ය මණ්ඩලය වෙත වැඩිදුරටත් පැවසීය.

සමාගම දැනට හොඳින් ක්‍රියාත්මක වන බැවින් සමහරු මෙම පියවර පිළිබඳව ප්‍රශ්න කරනු ඇති බව ද ඇය පිළිගත්තාය.

නවීන ලෝකයේ කෘතීම බුද්ධියේ හිස එසවීම කාර්‍යක්ෂම දිවි පෙවෙතකට සුදුසු වූවත් මින් බිඳෙන ශ්‍රම බලකායට යන කලදසාව කුමක් වේද? Amazon පමණක් නොව අනෙකුත් ආයතන ද ආයතන මට්ටමින් මෙම තීරණයක් ගතහොත් ලෝකයේ ශ්‍රම බලකායට ගෙදරට වී සිටින්නට වීම කෙතරම් ජනජීවිතයට බලපෑමක් ඇති කරනු ඇත් ද?

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...