සීනි බිම වැටුණම කුඹින්ට ටෙලිග්‍රෑම් ගහන්න ඕනේ නෑනේ. ඒ වගේ තමයි 21 සජබෙත් එයි!

Date:

කොළඹ LNW: විපක්ෂයේ පක්ෂ විසින් එකාබද්ධව සංවිධානය කරනු ලබන මහා ජන හඬ මහජන රැළියට සමඟි ජන බලවේගය පැමිණීම හෝ නොපැමිණීම ඔවුන් සතු තීරණයක් වන නමුත් ඔවුන්ට ඊට සහය නොදැක්වීම ඔවුන්ටම දේශපාලන අවාසියක් සිදුකරගැනීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ අද (29) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

මහජන රැළියට තව කල් තිබෙන හෙයින් සමඟි ජන බලවේගයත් ඊට සම්බන්ධ වනු ඇති බවයි හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

”සීනි බිම වැටුණහම කුඹින්ට ටෙලිග්‍රෑම් ගහන්න ඕනේ නෑනේ කුඹී එතනට එනවා. ඒ වගේ තමයි විපක්ෂය එකතු වෙලා කරන මේ වැඩේදී විපක්ෂයට වගකීමක් තියෙනවා සියලු පක්ෂ එකට එකතු වෙලා මේ මහජන හඬට සහය දෙන්න. ඒ වගේම රටක ප්‍රධාන විපක්ෂය කියන එක මනින්න එක මිනුම් දණ්ඩක් තමයි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන කීයක් තියෙනවද කියන එක. ඒ වගේම මහ පොළවේ ආණ්ඩුව සම්බන්ධයෙන් මහජන විරෝධයක් ඇති වෙච්ච වෙලාවක ඊට නයකට්ව්හය දීමේදී ලබාදෙන දායකත්වයත් ඒකත් ප්‍රධාන මිනුම් දණ්ඩක් බවට පත්වෙනවා. හැබැයි මහා ජන හඬ මහජන රැළියට සජබෙ එනවා නම් එන එක නොඑනවා නම් නොඑන එක සජබෙ තීන්දුවක්. ඒ සඳහා තීන්දුවක් ගන්න සජබෙට අයිතියක් තියෙනවා. ඒ අයිතියට අපි ගරු කරනවා. ආවේ නැත්න්ම සජබෙට දේශපාලනිකව ලොකු අවාසියක් වෙයි කියන තමයි අපිට පෙන්නේ. ඉන්නෝන කෙනෙක් ඉන්න ඕන තැනක හිටියේ නැත්නම් අවාසිය වෙන්නේ ඒ අදාළ පාර්ශවයට. තව කල් තියෙනවා. සමහර විට සජබෙ මේ වේදිකාවේ ඉන්නත් ඉඩ තියෙනවා.” යනුවෙන් ඔහු තවදුරටත් අවධාරණය කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන පහක් ඉල්ලා නඩු පවරයි ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

සමස්තයක් ලෙස වසරේ පළමු මාස නවයේ ආර්ථික වර්ධන වේගය 5% ක්

තුන්වන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.4%ක වර්ධන වේගයක්...

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයෙන් බලපෑම් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහය දිවයිනේ කාලගුණයට...

හිටපු කථානායක රන්වලගේ ජීප් රථයේ දෝෂයක්. ඔහුගේ වෛද්‍ය වාර්තාව තවමත් ලැබී නැහැ – පොලීසිය

පසුගිය 11 වනදා අනතුරට ලක්වූ හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී...