පොදු දේපල අවභාවිතය:රනිල්ගේ නඩුව කල් යයි!(PHOTOS)

Date:

කොළඹ (LNW): පොදු දේපල අවභාවිතය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කර එම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වේ නම් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා විසින් අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

මේ අතර පසුගිය දිනවල අධිකරණය ආශ්‍රිතව සිදුවූ සිදුවීම්වලින් අධිකරණයට අපහාසයක් සිදු වී තිබේදැයි විමර්ශනය කරන ලෙසද එහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

එම විමර්ශනවලදී අපහාසයට වගකිව යුතු පුද්ගලයන් කවුරුන්ද යන්න සොයා බැලීම, ඔවුන් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්න පිළිබඳව ඊළඟ නඩු දිනයේදී අධිකරණයට දැනුම් දෙන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර නඩුව ජනවාරි මස 28 වැනිදා යළි කැඳවීමට නියමිතයි.

සිය බිරිඳගේ උපාධි ප්‍රධානෝත්සවයකට සහභාගී වීම සදහා රුපියල් ලක්ෂ 169 ක මහජන මුදල් ප්‍රමාණයක් අවභාවිතා කිරීම යන චෝදනාව මත පොදු දේපල පනත යටතේ හිටපු ජනාධිපතිවරයාට චෝදනා එල්ල වී තිබේ.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය අගෝස්තු 22 වන දා හිටපු ජනාධිපතිවරයාව අත්අඩංගුවට ගත් අතර අනතුරුව අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන ලදී.

මේ වන විට ඔහු ඇප මත නිදහස්ව සිටියි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...