පොදු දේපල අවභාවිතය:රනිල්ගේ නඩුව කල් යයි!(PHOTOS)

Date:

කොළඹ (LNW): පොදු දේපල අවභාවිතය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කර එම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වේ නම් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා විසින් අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

මේ අතර පසුගිය දිනවල අධිකරණය ආශ්‍රිතව සිදුවූ සිදුවීම්වලින් අධිකරණයට අපහාසයක් සිදු වී තිබේදැයි විමර්ශනය කරන ලෙසද එහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

එම විමර්ශනවලදී අපහාසයට වගකිව යුතු පුද්ගලයන් කවුරුන්ද යන්න සොයා බැලීම, ඔවුන් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්න පිළිබඳව ඊළඟ නඩු දිනයේදී අධිකරණයට දැනුම් දෙන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර නඩුව ජනවාරි මස 28 වැනිදා යළි කැඳවීමට නියමිතයි.

සිය බිරිඳගේ උපාධි ප්‍රධානෝත්සවයකට සහභාගී වීම සදහා රුපියල් ලක්ෂ 169 ක මහජන මුදල් ප්‍රමාණයක් අවභාවිතා කිරීම යන චෝදනාව මත පොදු දේපල පනත යටතේ හිටපු ජනාධිපතිවරයාට චෝදනා එල්ල වී තිබේ.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය අගෝස්තු 22 වන දා හිටපු ජනාධිපතිවරයාව අත්අඩංගුවට ගත් අතර අනතුරුව අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන ලදී.

මේ වන විට ඔහු ඇප මත නිදහස්ව සිටියි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...

සැලකිලිමත් වන්න – තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

ආපදා වන්දි ලබා දීමේ ප්‍රගතිය මෙන්න. දිස්ත්‍රික් ලේකම්වරු සහ ජනාධිපති අතර විශේෂ සාකච්ජාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය මත ඇතිවූ ආපදා තත්ත්වයෙන්...

දකුණු බ්‍රසීලයේ ගුවයිබා නගරයේ දැඩි සුළං හේතුවෙන් Liberty replica ප්‍රතිමාවේ අනුරුවක් කඩා වැටේ!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):   දකුණු බ්‍රසීලයේ ගුවයිබා...