ආසියා ශාන්තිකර කලාපයේ විවෘත ආර්ථිකයක් වෙනුවෙන් චීන ජනපතිගෙන් යෝජනාවලියක්!

Date:

කොළඹ LNW: APEC නායකයින්ගේ 32 වන නිල නොවන සමුළුවේ පළමු අදියරේ සැසිවාරය ඊයේ (31) උදෑසන දකුණු කොරියාවේ Gyeongju නගරයේ දී පැවැත්වුණා. ඒ සඳහා සාමාජික රටවල නායකයින් එක්ව සිටි අතර ඔවුන් සිය අදහස් ප්‍රකාශ කළා.

‘සහයෝගීත්වයෙන් යුත්, පොදු ප්‍රතිලාභී විවෘත ආසියා-පැසිෆික් ආර්ථිකයක් පොදුවේ එක්ව ගොඩනැගීම’ යන මැයෙන් දේශනයක් කරමින්, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එහිදී පැවසුවේ, වත්මන් ජාත්‍යන්තර තත්ත්වය කැළඹිලි හා සංකීර්ණ වෙමින් පවතින බැවින්, ආසියා-පැසිෆික් කලාපීය දියුණුව තුළ ද අස්ථාවරත්වය හා අවිනිශ්චිතතාව යන සාධක ඉහළ යමින් පවතින බවයි.

තවද, සහයෝගීත්වයෙන් යුත්, පොදු ප්‍රතිලාභී ආර්ථික ගෝලීයකරණය ප්‍රවර්ධනය කිරීමෙන් පොදු ඉරණමක් සහිත ආසියා-පැසිෆික් ප්‍රජාවක් ගොඩනැගීම සඳහා සියලු පාර්ශ්වයන් එක්ව ක්‍රියා කළ යුතු බව වැඩිදුරටත් සඳහන් කළ ෂී ජින්පිං මහතා, ඒ වෙනුවෙන් යෝජනා 5ක් ඉදිරිපත් කර තිබෙනවා.

ඉන් පළමු යෝජනාව ලෙස ඔහු සඳහන් කළේ බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය පොදුවේ ආරක්ෂා කළ යුතු බවයි. මේ සඳහා, ලෝක වෙළඳ සංවිධානය කේන්ද්‍ර කර ගන්නා බහුපාර්ශ්වික වෙළඳ පද්ධතියේ අධිකාරිය සහ වලංගු බව තහවුරු කළ යුතු වනවා.

දෙවනුව, විවෘත කලාපීය ආර්ථික පරිසරයක් බිහි කිරීමට එක්ව ක්‍රියා කළ යුතුය යන්නයි. තෙවනුව, කාර්මික හා සැපයුම් දාමවල ස්ථාවරත්වය සහ විධිමත් ක්‍රියාකාරිත්වය ඒකාබද්ධව පවත්වා ගෙන යාමේ අවශ්‍යතාව ඔහු පැහැදිලි කළා.

සිව්වනුව, වෙළඳාම ඩිජිටල්කරණය සහ හරිතකරණය ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීමත්, පස්වනුව, සහයෝගීත්වයෙන් යුත් පොදු ප්‍රතිලාභී සංවර්ධනය ඒකාබද්ධව ඉදිරියට ගෙන යා යුතු බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම සසර තේරුම් ගත්තවුන් නිසි කඨින ...

“තෙවැනි ඇසට සුවය” අක්ෂි සායනය : ජනමාධ්‍යවේදීන් සඳහාමයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01 , කොළඹ LNW: ජනමාධ්‍යවේදීන් සඳහාම වෙන්...

කැනඩා අගමැති මාර්ක් කාර්නි ට්‍රම්ප්ගෙන් පෞද්ගලිකව සමාව අයදී

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඔන්ටාරියෝ අගමැති...

ඔක්තෝබර් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ධන අගයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : ඔක්තෝබර් මාසයේ CCPI...