අලුත් නියෝජ්‍ය ඇමතිලත් පාර්ලිමේන්තු ඉන්ධන දීමනාව එපා කියයි!

කොළඹ LNW:මෑතකදී පත් කෙරුණු නියෝජ්‍ය අමාත්‍යවරුන් හය දෙනාද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ලබාදෙන ඉන්ධන දීමනාව අවශ්‍ය නොවන බව පාර්ලිමේන්තු මහලේකම් වෙත ලිඛිතව දැනුම්දී තිබේ.

මේ අනුව මින් ඉදිරියට ඔවුන්ට හිමිවන්නේ නියෝජ්‍ය ඇමතිවරුන්ට ලැබෙන ඉන්ධන දීමනාවයි.

එරංග ගුණසේකර, අරවින්ද සෙනරත්, දිනිඳු සමන් කුමාර, නිශාන්ත ජයවීර, ආචාර්ය කෞශල්‍යා ආරියරත්න සහ එම්.එම් අයි අර්කම් මෙසේ මන්ත්‍රී ඉන්ධන දීමනාව අවශ්‍ය නොවන බව දැනුම් දුන් නියෝජ්‍ය ඇමතිවරු වෙති.

පසුගිය රජයන්හි ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමතිවරු බොහෝ දෙනෙක් අමාත්‍ය ධූරයට ලැබෙන ඉන්ධන දීමනාවට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලැබෙන ඉන්ධන දීමනාවද ලබාගෙන තිබුණු අතර එම ක්‍රමවේදය වෙනස් කරමින් වත්මන් ආණ්ඩුවේ අගමැතිනිය ඇතුළු ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට ලැබෙන ඉන්ධන දීමනාව අවශ්‍ය නොවන බව දැනුවත් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති අනුර හදිසියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ කතාව බොරුවක් – ජනාධිපති කාර්යාලය

සටහන - රුවන් නෙළුගොල්ල හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ජනාධිපති අනුර...

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...