ආසියානු ක්‍රීඩාවේ හෙට දවසට ලාංකේය සූදානමට, බහරේන් හැඟිමක්!

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 02,  කොළඹ LNW:

බහරේන් හී පැවති ආසියතික උළෙලේ ශ්‍රී ලංකාවේ පදක්කම් මල්ල හතකට සීමා වුණා.ඒ අතර රන් සහ රිදී තිබුණේ එක පදක්කම බැඟින්.පහක්ම ලෝකඩ පදක්කම්.මේ පදක්කම් හතට අයිති වුණේ ක්‍රීඩා දෙකයි.මලල ක්‍රිඩාව සහ ගෝල්ෆ් ක්‍රිඩාව එම ක්‍රීඩා දෙකයි.එයින් රන් පදක්කම,රිදී පදක්කම සහ ලෝකඩ පදක්කම් හතරක්ම අයිති වුණේ මලල ක්‍රීඩාවට.ගෝල්ෆ් ක්‍රීඩාවට ලබපු ලෝකඩ පදක්කම දිනා ගත්තේ කායා දළුවත්තයි.


මේ පදක්කම්ලාභීන් අතර රන් පදක්කම දිනා ගත්තෙ ලහිරු අචින්තයි.ඒ මීටර් 1500 ඉසව්ව වෙනුවෙනුයි.රිදී පදක්කම දිනා ගන්නට සමත් වුණේ මෙඩ්ලි පිරිමි සහය දිවීම සඳහායි.එම පදක්කම දිනා දෙන්නට ශානුක කොස්තා,විසල් ප්‍රනාන්දු,ආදිත්‍ය බිඟුමිණ සහ චමිත් ලෝෂන සහභාගි වුණා.
ශානුක එම රිදී පදක්කමට දායක්වීමට අමතරව මීටර් 400 ඉසව්වේ ලෝකඩ පදක්කම්ලාභියා වෙන්නටත් සමත් වුණා.මීටර් 1500 ඉසව්වේ බාලිකා ලෝකඩ පදක්කම හිමි වුණේ සනීපා ගිම්හානිට යි.බාලිකා තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම දිල්නි නෙත්සලා රාජපක්ෂ සතු කර ගත්තා.චතුර දුලාංජන ජයතිස්ස හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දී ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට දිනා දෙන්නට සමත් වුණා.


සෙසු ක්‍රීඩා අතරින් බැඩිමින්නේ ක්‍රීඩාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැඩි දෙනෙක් පූර්ව අර්ධ අවසන් පූර්ව වටයට පිවිසුණා.අවසන් 16 දෙනා අතරට පිවිසීම හොඳ දස්කමක් ලෙස සැළකිය හැකියි.මල්ලව පොර තරග අංශයේ දී විනෝද් දිල්ෂාන් ලෝකඩ පදක්කම දක්වා සටන් කරන්නට සුදුසුකම් ලැබ පස්වැන්නා ලෙස තරගය නිම කිරීමත් ශ්‍රී ලංකාව ලබපු ජයක් හැටියට සැළකිය හැකියි.එසේම වෙරළ වොලිබෝල් ක්‍රීඩාවේදී ද අනාගතයට පලදායක ලෙස ගත හැකි ක්‍රීඩාවක නියැලෙන්නට ක්‍රීඩකයින් මෙන්ම ක්‍රීඩිකාවන් ද සමත් වුණා.


මෙහිදී වෙරළ මල්ලව පොර වැනි ක්‍රීඩාවක් ගැන මේ දිවයිනේ අවධානය යොමු වී තිබුණේම නැහැ.බොක්සිං වැනි ක්‍රීඩාවන් ඇතුළේ පවතින තත්ත්වය ක්‍රීඩකයන් කරා ගලා එ්ම සාමාන්‍ය තත්ත්වයක්.එවැනි සංකීරණ තත්ත්වයක් මැද මානසික ඒකාග්‍රතාවයෙන් ක්‍රීඩාව කිරීම අපහසු නිසා එයින් ලද පරාජ ක්‍රීඩකයින් මත තැබීම සුදුසු නැහැ.
ශ්‍රී ලංකාව ක්‍රීඩාවන් 12 ක් වෙනුවෙන් 100 දෙනෙකු එක් කළා.බාලක නියෝජනය 56 ක් වූ අතර බාලිකා නියෝජනය 44 ක් වුණා.මේ ක්‍රීඩා 12 ගැන නැවත සළකා බැලීමක් කිරිමට කටයුතු කළ යුතුව තිබෙනවා.ඒවා අතරින් ආසියාවේ පසුබා තිබෙන ඉසව් නැවත ගොඩ නැඟීය හැකි මාවත් සොයා යා යුතුව තිබෙනවා.ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවලින් ලැබෙන ආධාර වැනි දේ සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේදි වැඩි අවධානය දිය යුතු ඉසව් කවරේද යන්න දැන් සළකිල්ලට ගත හැකියි.එසේම මේ වන විට කරන ලද තේරිම්වල යම් වැරද්දක් පෙනෙන්නට ඇත්නම් එය ද නිවැරදි කළ හැකිනම් නිවැරදි කිරීම හෝ සැබෑ දක්ෂයන් කියවා ගැනීමෙන් ඉනික්බිති ඔවුන්ට විකල්ප අනුග්‍රාහ මාර්ගයක් ඇති කිරිම වැනි කාරණා ගැන සැළකිල්ල යොමු විය යුතුව තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දුමිදුගේ උත්සාහය ව්‍යර්ථ වෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: XVI Mexican International 2025 තරගාවලියේ...

අපි නම් ආරක්ෂාව ඉල්ලන්නෙ නෑ, අපිට ෂුවර් මේ රටේ ජනතාව – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයකු වශයෙන් තමන්ට...

රටේ බහුතර ප්‍රශ්න වලට හේතුව මත්ද්‍රව්‍ය – ජනපති අනුර

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන...

FBI අධ්‍යක්ෂ කාෂ් පටෙල් රජයේ ජෙට් යානායකින් සිය පෙම්වතිය බැලීමට ගියබව කියූ ඉහල නිලධාරියකු සේවයෙන් ඉවතට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : FBI අධ්‍යක්ෂ...