නාවික හමුදා භාරයට ගත් බහුදින යාත්‍රාවේ රු.බි 5කට ආසන්න හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තිබූ බව තහවුරු වෙයි!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW :

නාවික හමුදා භාරයට ගත් මෙරට බහුදින යාත්‍රාවේ තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සොයා ගත් බව නාවික හමුදාව පවසයි.

ඒ අනුව, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පැවසූවේ , නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රාවේ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 350කට වැඩි ප්‍රමාණයක් සොයා ගත් බවයි.

එම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියන 5කට ආසන්න වන බව, අමාත්‍යවරයා පැවසුවේය.

එම යාත්‍රාවේ තිබූ උර 16ක මෙම අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය පාර්සල් කොට රැගෙන විත් ඇති බව වැඩිදුරටත් වාර්තා වේ .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත! සටහන – පුලී පෙබරවාරි 09, LNW (කොළඹ):...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...