නවක වධයෙන් තවත් ජීවිතයක් බිළි ගත්තාද? වව්නියාව සරසවියේ මියගිය සිසුවාගේ කතාවේ ඇතුල් පැත්ත..

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW :

ඉකුත් 31 වැනිදා රාත්‍රියේ හටගත් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් , වව්නියාව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන අනුරාධපුර ජයසිරිපුර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි ටී.එම්.එස් නිර්මාල් වික්‍රමදාස නමැති සිසුවා ජීවිතක්ෂයට පත්ව තිබේ.නමුත්, සිසුවාගේ ඥාතීන් චෝදනා කරන්නේ මෙම මරණයට නවකවධ සිදුවීමක් හේතු වී ඇති බවයි.

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල්ගත කිරීමේදී මියගොස් ඇතැයි පුවරසන්කුලම පොලිසිය පවසන අතර, ජීවිතක්ෂයට පත්වන මොහොතේ සිසුවාගේ ශරීරයේ සැළකිය යුතු මට්ටමක මත්පැන් සාන්ද්‍රණයක්ද අන්තර්ගතව තිබී ඇති බවට සැක පළ කරන බවද පොලිසිය වැඩිදුරටත් වාර්තා කරයි.

කෙසේවෙතත් සිසුවාගේ ඥාතීන් චෝදනා කරන්නේ මෙම හදිසි මරණයට නවකවධය හේතු වූ බව වන අතර, මියගිය සිසුවාගේ සහෝදරිය සඳහන් කළේ ඉකුත් 31 වැනිදා රාත්‍රියේ විශ්වවිද්‍යාල සිසුන්ගේ සාදයකදී සිය සහෝදරයාට ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් බලහත්කාරයෙන් මත්පැන් පොවා ඇති බවය. සිය සොහොයුරාට වෙනත් කිසිඳු රෝග තත්ත්වයක් නොතිබූ බවත් විශ්වවිද්‍යාලයේ නවකවධය සම්බන්ධයෙන්ද අවස්ථා කිහිපයකදීම ඔහු පවුලේ අය සමඟ තොරතුරු පැවසූ බවත් ඇගේ සොයුරිය කියයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දෙවන කොටසේ සූරයන් කළුතරින්

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්...

“වන සුරැකුම” ඒකාබද්ධ මෙහෙයුම අද (03) සිට!

රෂිකා හෙහෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : අද (03) දිනයේදී...

දුමිදුගේ උත්සාහය ව්‍යර්ථ වෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: XVI Mexican International 2025 තරගාවලියේ...

අපි නම් ආරක්ෂාව ඉල්ලන්නෙ නෑ, අපිට ෂුවර් මේ රටේ ජනතාව – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයකු වශයෙන් තමන්ට...