ජෙමීමාට පැමිණි ප්‍රීතිමත්ම උදෑසන

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 02,  කොළඹ LNW:


ජෙමීමාට පමණක් නොව ඇයගේ සහෝදරයන්ටද හොඳ ක්‍රීඩා පහසුකම් ලබා දීම සඳහා පදිංචිය පවා මාරු කළ මැංගලෝරියානු කතෝලික අයිවන්,සිය දියණියගේ පළමු ක්‍රිකට් ගුරුවරයා විය.දැඩිව පවුල කෙරෙහි ආදරය ඇතුව බැදෙන්නට සිය දරුවන්ට හුරු කළ අයිවන් ඔවුන් ඒ ආදරය ඔස්සේම ආගමට ද නැඹුරු කළේය.ජෙමීමා රොඩ්‍රිගෝස් ස ඒ ආකාරයට දැඩිව ආගම කෙරෙහි බැදුණු විශ්වාසය තබන තරුණියක විම නිසාම සමහර විට සමාජයේ අපහසුවට විහිළුවට ලක් වුණාය.


එහෙත් ඒවා අසීරු වේග පන්දුවක් සහ දඟ පන්දුවක් මැද නොදැවී ඉන්නට උගත් සේම ඇය නොසැලි දරා උන්නාය.අපි ආගම සහ දෙවියන් විසින් ඇයව ඉන්දියානු ඉතිහාසය නොව ලෝක ක්‍රිකට් ඉතිහාසයම ගරු කරන තරග ප්‍රතිපලයක් වෙනස් කිරීමට බල පෑ බව විශ්වාස නොකරන්නෙමු.හැබැයි ඇයගේ විශ්වාසය විහිළුවට හෝ අපහාසයට නොගෙන සිය ආත්ම විශ්වාසය සහ නොසැලෙන බවට පවුරක් මෙන්ම ආධාරයක් කර ගන්නා ආගමික පසුබිම විශ්වාසයට ගන්නෙමු.


මේ සියල්ල ඇයට දායාද කළ සැබෑ දෙවියන් මේ ඡායාරූපයේ ඇය සමඟ සිටින අයිවන්ය.ජෙමීමාගේ පියාය.ඒ ආදරය රැකවරණය මඟ පෙන්වීම ලෝකයක් ඉදිරියේ සිය දියණියට ලැබෙන ගරු සත්කාර බවට පත් වී ඇත.ඇය මේ සියල්ලම තමන්ට දුන්නු ඔහුව එවන් ගෞරවණීය මොහොතක මෙවන් ආකාරයෙන් වැළද ගැනීම පුදුමයක් නොවේය.එය දෙවියන් විසින් සකස් කරන ලද විශ්වයේ අපූර්වතම අවස්ථාවක් ලෙස ඔවුන්ට දැනෙනු ඇත. ඒ හැඟීම ඔවුන්ට විඳ ගන්නට අවසර තිබේ.ඒ, එය වෙනස් විදිහකට දකින්නට අපට ඇති අයිතියම ඔවුන්ට ඔවුන් ගැන සිතීමටද තිබෙන බැවින්ය.


සැබවින්ම ඒ ආශ්චර්යමත් ඉණිම දක්වා ඇයව ගොඩ නැඟූ ඉතිහාසයේ දෙවියන් බඳු ආදරණිය පීතෘ චරිතය අයිවන්ය.පදිංචියේ සිටම වෙනස් වෙමින් සියල්ල දරා ගෙන නැඟෙන්නට අවසානයේ උපන් පොළවට වටිනාම පුරවැසිනියක කරන්නට ඒ ගෞරවයෙන් නැහැවෙන දියණියකගේ පියෙකු වන්නට ඔහුට හැකි වී ඇත.


මේක අපි දෙන්නා දරාගත්තු දේ,තාත්තා මාව බලාගත්තු හැටියට ලැබුණ ප්‍රතිපලය.මේ පිංතූරයේ ඇත්තේ ඇත්තම ආදරණිය පියෙකු සහ දුවක අතර කතාව එබඳුය.ඇය නිතර මුමුණන බයිබල් පාඨය ‘weeping endures for a night, but joy comes in the morning’.එසේ විය.


‘හැඬීම රාත්‍රියක් පුරා පවතිනු ඇත, නමුත් උදෑසන ප්‍රීතිය පැමිණේ’. අද ඇය මේ උදා වූ ප්‍රීතිමත් උදෑසන රැක ගැනීමට දරන වෑයම දකුණු අප්‍රිකානුවන්ට හඬන්නට වෙන රාත්‍රියක් උදා කරන්නටත් ඉඩ ඇත.එහෙත් දෙපිළිම මේ ගමන පැමිණි හැටියට කඳුළුවලින් පිරුණු රැයක් ප්‍රාර්ථනා නොකරන බවත් හෙට ප්‍රීතිමත් දවසකට අවදි වෙන්නට උත්සාහ කරනු ඇති බවත් විශ්වාසය.අද දවස චමත්කාර කරනු ඇත්තේ එම උත්සාහයන්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...